හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී ඊයේ (පෙබ. 17) පස්වරුවේ පොලිස් වෙඩි පහරින් මිය ගිය 'හොරණ නිලක' නමැත්තා ඉකුත් 15 දා රාත්‍රී මතුගම තිදරු මවක වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා බවට අනුමාන කරන බවට සාක්ෂියක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.
මතුගම් තිදරු මවගේ එළාතනය සිදුවන මොහොතේ නිවසේ සිවි වැඩිහිටි කාන්තාවක මේ බව ප්‍රකාශ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තිදරු මවට වෙඩි තබා ඝාතනය කරන මොහොතේ නිවසේ රැඳී සිටි තැනැත්තියට හොරණ මූලික
රෝහලේ තැන්පත්පත් කර ඇති සැකකරුගේ මෘත දේහය, ඡායාරූප සහ මිතු ගම් නිවසේ සී.සී.වී.වී. දර්ශන පෙන්වීමෙන් අනතුරුව, එදින ඝාතනයට ගිනි අවිය දරා පැමිණි අය බවට අනුමාන කරන බව ඇය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසේ.
අදාළ කාන්තාව එසේ අනුමාන ප්‍රකාශයක් කළ ද ඇයගේ වයස් මට්ටම සහ අදහස් දැක්වීම ගැටලුසහගත බැවින් තවදුරට ත් අඛණ්ඩව විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ ය.
ඉකුත් 15 දා රාත්‍රියේ මතුගම, ගාමිණී මාවතේ නිවසක් තුළ චන්දිමා දිල්ශානි පෙරේරා නමැති 46 හැවිරිදි දෙදරු මවගේ හිසට වෙඩි තබා ඝාතකයින් පළා ගොස් තිබිණි.
ඒ අතරතුර හොරණ ප්‍රදේශයේ දරුණු ඝණයේ අපරාධකරුවෙකු වූ නීලක නමැත්තා ඊයේ උදෑසන හොරණ, කඳන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අහසට වෙඩි තබා 7 හැවිරිදි සිය දරුවා පැහැරගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් සමගින් පොලිස් කණ්ඩායම සැකකරු පසු ලුහුබැඳ තිබේ.
ඒ අනුව, තවත් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ අරමුණින් හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ දෙමහල් නිවසක රැදී සිටි සැකකරු පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබිණි.
මතුගම තිදරු මව ඝාතනය සඳහා යොදාගෙන ඇත්තේ ද වී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් බව ත් පෙරේදා පස්වරුවේ හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තිබී සොයා ගනු ලැබුවේ ද ටී-56 වර්ගයේ ගිනි අවියක් බැවින් එම අවි දෙක ම එකක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ කරයි.
නීලක නමැත්තා භාවිත කළ අංක තහඩු නොමැති යතුරු පැදියක් ද කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් සොයා ගෙන ගනු ලැබ ඇති අතර මතුගම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඝාතකයින් පැමිණි වාහනය සොයා පරික්ෂණ සිදු කරන බව පැවසේ.
සුමිත් රණවක - පොතුපිටිය
2022-02-18 | Updated 3 minutes ago
No comments:
Post a Comment