Friday, 18 February 2022


ශ්රී ලාංකික බිලියනපතියා Virgin Galactic සමාගමෙන් ඉවතට !

ලෝක ප්‍රකට අභ්‍යවකාශ යානා සමාගමක් වන රිචඩ් බ්‍රැන්සන්ට අයත් Virgin Galactic Holdings Inc (SPCE.N)ආයතනයේ සභාපති ධූරයෙන් ඉවත් වීමට ශ්‍රී ලාංකිකයෙකු වන චමත් පලිහපිටිය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චමත් පලිහපිටිය සභාපති ධුරයෙන් මෙන් ම අධ්‍යක්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස පැවති වගකීම්වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ය.

Virgin Galactic Holdings Inc (SPCE.N) සමාගම මේ බව තහවුරු කරමින් පවසා ඇ ත්තේ , චමත් පලිහපිටිය මහතා ඔහුගේ වෙනත් ආයතනික වගකීම් වෙනුවෙන් කාලය ගත කිරීම සඳහා මෙම වගකීම්වලින් ඉවත් වන බව ය.

| චමත් පලිහපිටිය මෙම සමාගමේ සභාපතිත්වයට පත් වූයේ, 2019 වසරේදි ය.

ඔහු Social Capital සමාගමේ නිර්මාතෘ මෙන් ම ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද ක්‍රියා කරයි.

| චමත් පලිහපිටිය මේ වන විට ලෝකයේ ප්‍රධාන පෙළේ බිලියනපතියන් අතර ඉදිරියෙන් සිටින ශ්‍රී | ලාංකික අයෝජකයෙකි.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...