Friday, 18 February 2022



ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ජූලි ජේ. චන්ග් මහත්මිය සිය තනතුරෙහි වැඩ භාර ගැනීම සඳහා අද (18) සවස ශ්‍රී ලංකාවට පැමිණියා ය.

ඇය අමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන්තොටුපළ වෙත අද සවස 04.25ට පැමිණ තිබිණි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඇය සිය නිල ටිවිටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ශ්‍රී ලාංකිකයින් ඇමතීමට කටයුතු කළා ය.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

"ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම මගේ සිහිනයක් සැබෑ වීමක් බව මුලින් ම කියන්න කැමති යි. මුලින් ම මා ශ්‍රී ලංකාවේ සංචාරය කළේ අවුරුදු 10කට පෙර යි. ඒ මතකයන් තදින් ම මගේ හින්නේ තැන්පත් වී තිබෙනවා.

අද්විතීය ස්වාභාවික සුන්දරත්වය..

ප්‍රණීත ආහාරපාන හා කුළුබඩු...

දුමිරිය සහ ත්‍රිරෝද ගමන්...

ඒ සියල්ලට ත් වඩා ඒ අවස්ථාවේ මට හමුවූ ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම මට අද මෙන් මතක යි.

තානාපති කාර්ය භාරය භාර ගැනීම අතිමහත් ගෞරවයක්. එහි අතීත උරුමය, විවිධ සංස්කෘතිය සහ නූතන සංකීර්ණත්වය ඇතුළුව ඔබේ රට ගැන තව තවත් ඉගෙන ගැනීමට මා ඉත සිතින් බලාපොරොත්තු වෙනවා.

සියවස් දෙකක් තිස්සේ අමෙරිකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ අමෙරිකාවේ නවෝත්පාදනය, ව්‍යවසායකත්ව චින්තනය සහ ලොව නන්දෙසින් අමෙරිකාවට ගලා ආ බොහෝ සංක්‍රමණිකයින් හේතුවෙන්.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය, ව්‍යාපාරික අංශය සහ තරුණ පිරිස් සමගින් අපි පුද්ගලයින්ගේ සිට පුද්ගලයින් දක්වා සම්බන්ධතා ශක්තිමත් කිරීමේදී තානාපතිවරිය වශයෙන් මාගේ වැඩකටයුතු හැඩගැන්වෙනු ඇත්තේ ද ඒ ගුණාංග මගින්.

ඔබ පිළිබඳ ඉගෙනීමට මාගේ උපරිමයෙන් වෙහෙසෙනවා.

නමුත් මුලින් ම මා ගැන තොරතුරු ටිකක් බෙදා ගන්නට කැමතියි.

මම පළමු පරම්පරාවේ අමෙරිකානු ජාතිකයෙක්. මට වයස අවු. පහේදී මගේ පවුල කොරියාවේ සිට එක්සත් ජනපදයට පැමිණියා.

එනිසා, වණ සමක් සහිත කාන්තාවක් වශයෙන් විවිධත්වය සහ අන්‍යයින් ඉවසීම මට ඉතා වැදගත්විම පුදුමයක් නොවේ.

මගේ පවුල පදිංචි වූයේ හොලිවුඩය හා ඩිස්නිලන්තය ඇති සහ විශාල ශ්‍රී ලාංකික අමෙරිකානු ප්‍රජාවක් සිටින කැලිෆොනියාවේයි.

මගේ සැමියා, පුනා ඒ වගේ ම අපගේ සුරතලා වන මාර්තු මා සමගින් පැමිණෙනවා.

මා එළිමහනට බොහෝ කැමතියි. විනෝද ගමන් යාමට, පිහිනීමට, විවිධ ක්‍රීඩා නැරඹීමට කැමතියි.

විශේෂයෙන් ම, ක්‍රිකට් ක්‍රීඩාව දැනගැනීමට ත් ජාතික කණ්ඩායමට ඔරසන් දෙන්නටත් බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවට මා පිළිගැනීම ගැන ස්තුතියි.

මට හැකි තරම් ඔබගෙන් බොහෝ දෙනෙක් හමුවන්නට බලාපොරොත්තු වෙනවා

බොහෝ ම ස්තුතියි!"


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...