Saturday, 26 February 2022



රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් ආරම්භ වී ඇත. රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර අත්පත් කරගැනීමේ අටියෙන් සිය මෙහෙයුම් තවදුරටත් දිගින් දිගටම සිදුකරමින් සිටින බවද පැහැදිලිය. ඔවුන් ගුවනින්, ගොඩබිමින් සිය ප්රබල හමුදාමය බලය ඉතා සීමිත යුද ශක්තියක් ඇති යුක්රේනය වෙත දියත් කර අවසානය. තවමත් බටහිර ජාතීන් විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමක් විනා, නේටෝව පවා මෙම යුද්ධයට සෘජු මැදිහත්වීමක් සිදුකර නොතිබුණේ රුසියාව යනු මුහුණට මුහුණ සිදුකරන සටනකින් ලෙහෙසියෙන් පරාජයට පත්කළ නොහැකි යුද ශක්තියකින් හෙබි රාජ්යයක් බව වටහාගෙන ඇති නිසාය.

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක රුසියාවේ මේ අසීමිත යුද ශක්තිය හමුවේ "කියෙව් හි අවතාරය" (ද ගෝස්ට් ඔෆ් කියෙව්) හෙවත් ප්රබල රුසියාවට එරෙහිව සතුරු ගුවන් යානා 6ක් බිහ හෙළමින් යුක්රේනය තුළ බිහිවූ සුවිශේෂී යුද වීරයෙකු පිළිබඳ තහවුරු නොකළ පුරාවෘත්තයක් සමාජ මාධ්ය කලඹමින් පැතිර යමින් පවතී. රුසියානු මහා පරිමාණ ආක්රමණයත් සමග MIG-29 වර්ගයේ ප්රහාරක ජෙට් යානයක් කියෙව් අගනුවරට ඉහළින් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමග මෙම "ද ගෝස්ට් ඔෆ් කියෙව්" කරළියට පැමිණ ඇත.
තවමත් තහවුරු කර නොමැති ට්විටර් හි මිලියන පහකට වඩා නැරඹුම් ලබාගත් මේ අභිරහස් නියමුවා රුසියානු ප්රහාරක ජෙට් යානා හයක් බිම හෙළූ බව කියනු ලබන කටකතා සමග, මෙම අභිරහස් නියමුවාගේ පැවැත්ම පිළිබඳ සත්ය තහවුරු කිරීමක් නොතිබුණද, එරට වැසියන් බොහෝ දෙනෙකු මෙම වීරත්වය තුළ බලාපොරොත්තුවක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටියි.
ප්රහාරක ගුවන් නියමුවන් ඉතා සුළු පිරිසකට තම මුළු ජීවිත කාලය තුළම කළ හැකි දස්කමක් කළේ යැයි කියන මේ වීරයා, 21 වැනි සියවසේ ප්රථම තහවුරු කරන ලද ප්රහාරක ඒස් හෙවත්, විශේෂිත ක්රියාකාරකමක් කරන්නෙකු ලෙස පටබැඳී ඇත. සතුරු ගුවන් යානා 6ක්වත් බිම හෙළීම ඉටු කිරීමට අතිශයින් දුෂ්කර කාර්යයක් මෙන්ම, මෙම සියවස තුළ එය මෙතෙක් සිදුකර නොතිබීමද ඔහුට එවැනි නමක් පටබැඳීමට හේතු වී ඇත.
ගුවනේ සිදුකර ඇති මෙම ජයග්රහණය කෙතරම් සංකීර්ණ වන්නේද යත්, මේ වනවිට "ද ගෝස්ට් ඔෆ් කියෙව්" විසින් රුසියාවට අයත් SU-35 ප්රහාරක යානා 2ක්, SU-27 යානයක්, MiG-29 යානයක් සහ SU-25 ගුවන් යානා 2ක් බිම හෙළා ඇත. කියෙව් නගර මධ්යයේ පැහැදිලිව මෙම යානාවල සුන්බුන් වැටී තිබුණි. එම අවස්ථාවේදී තවත් රුසියානු ගුවන් යානයක් අල්ලා ගැනීමට ඔවුන් සමත් වූ බව නගරයේ ආරක්ෂක අමාත්යාංශය තහවුරු කළේය. මෙය තහවුරු වුවහොත් එය ඔහුගේ 7 වැනි දඩයම වනු ඇත.
මෙම පුවතට යම් පෝෂණයක් ලබාදෙමින් පසුගිය බ්රහස්පතින්දා, කියෙව් නගරයට නුදුරින් පිහිටි ජාත්යන්තර ගුවන් තොටුපළක් නැවත අත්පත් කර ගැනීමට යුක්රේන ආරක්ෂක හමුදාව සමත් වූ පුවතක්ද වාර්තා විය. එනම් හොස්ටොමෙල් සටනේ ජය යුක්රේනය සතුවී ඇත. මෙම ගුවන් තොටුපළ මොස්කව්හි තවත් හමුදා සහ උපකරණ අගනුවරට ගෙන ඒම සඳහා ප්රධාන වත්කමක් වීමට ඉඩ තිබුණි. භූමියේදී යුක්රේන හමුදා සහ රුසියානු හමුදාව අතර වෙඩි හුවමාරුවකින් පසුව එය යළි අත්පත් කරගැනීමටත්, රුසියානු හමුදාවට ඒ වෙත ඇතුළු වීමට අවස්ථාව නොදීමටත් යුක්රේනයට හැකිවූ බව කියයි. මෙම අවස්ථාවේදී ගුවන් සහාය නොමැතිකම නිසා රුසියාවට මෙම අත්යවශ්ය ගුවන් තොටුපළ දිනාගැනීම අපහසු විය. එම ගුවන් සහාය නොලැබුණේ "ද ගෝස්ට් ඔෆ් කියෙව්" නිසා බව කියැවේ. මෙම සිදුවීමට පසුදින යුක්රේන ජාතික ආරක්ෂක බළකාය වෙඩි උණ්ඩ වැදී හිල්වූ කොඩියක් අතැති යුක්රේන සොල්දාදුවන් තිදෙනෙකුගේ ඡායාරූපයක් පළ කළේය. මේ කතා ප්රවෘත්තීන් සැබෑවක් වුවද නොවූවද, මෙම සිදුවීම සහ "ද ගෝස්ට් ඔෆ් කියෙව්" කතා යුක්රේනයේ ජනතාවට බලාපොරොත්තුවක් පවත්වා ගැනීමට උපකාරී වී තිබේ.
- 26 02 2022 - නරේන් විශ්වජීත්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...