Saturday, 26 February 2022


රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීමට ප්රතිචාර දැක්වීමක් වශයෙන් ප්රථම වතාවට නේටෝ සංවිධානය විසින් සිය "හදිසි ප්රතිචාර බළකාය" ආරක්ෂක පියවරක් ලෙස සක්රීය කිරීමට තීරණය කර තිබේ.

නේටෝ මිත්ර හමුදාවේ හමුදාපති ජෙනරාල් ටොඩ් වෝල්ටර්ස් නේටෝ සන්ධානයට සහය දැක්වීම සඳහා කඩිනමින් යෙදවිය හැකි මිත්ර පාක්ෂිකයින්ගෙන් ගොඩබිම, ගුවන්, මුහුද සහ විශේෂ මෙහෙයුම් බලකායන්ගෙන් සමන්විත මෙම සන්ධාන බලකාය සක්රීය කිරීමට අද නියෝග නිකුත් කරනු ලැබූ බව විදෙස් මාධ්ය වාර්තා කර තිබුණි.
නේටෝ සංවිධානයේ හදිසි ප්රතිචාර බලකාය සක්රීය කිරීමෙන් අදහස් කරන්නේ අමෙරිකානු හෝ නේටෝ හමුදාව මෙතෙක් සිය සන්ධානයේ සාමාජිකයෙකු නොවන යුක්රේනයට භට පිරිස් පිටත් කර හැරීමක් නොවන බවද එම සංවිධානය සඳහන් කරයි.
මේ අතර වහාම සටන් නතර කොට යුක්රේන පාලන ප්රදේශවලින් ඉවත්වෙන ලෙස නේටෝ සංවිධානය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත දැනුම් දී තිබේ.
ඔවුන් සඳහන් කර සිටියේ පවතින ගැටලුව විසඳා ගැනීම සඳහා යුදමය ක්රියාවන් ගෙන් තොරව සාකච්ජා මාර්ගයට පිවිසීම වැදගත් බවය.
යුක්රේනයට සිය හමුදා නොයවන බව නේටෝ සාමාජික රටක් වන බ්රිතාන්ය ද ඊයේ තහවුරු කළ අතර පවතින තත්ත්වය හමුවේ යුක්රේනය දැඩි අසරණභාවයට පත්ව සිටී.
මේ අතර යුරෝපා සංගමය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඔහුගේ ආරක්ෂක අමාත්යවරයා වන සර්ජි ලැව්රොව් සිය සම්බාධක ලැයිස්තුවට ඇතුලත් කිරීමට ඊයේ පියවර ගෙන ඇත.
යුක්රේනය ආක්රමණය කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක අමාත්යවරයා පියවර ගැනීම හේතුවෙන් මෙලෙස ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කළ බව යුරෝපා සංගමයේ දේශ කටයුතු සහ ආරක්ෂක ප්රතිපත්ති පිළිබඳ සංගමයේ ඉහළ නියෝජිතයා සඳහන් කරයි.
මීට පෙර යුරෝපා සංගමය විසින් රාජ්ය නායකයින් දෙදෙනෙකු වන සිරියාවේ ජනාධිපති අසාද් සහ බෙලාරුසියානු ජනාධිපති ලුකෂෙන්කෝ සිය සම්බාධක ලැයිස්තුවට නම් කර තිබු අතර රුසියානු ජනාධිපතිවරයා එහි තුන්වන රාජ්ය නායකයාය.
මේ අතර අමෙරිකාව විසින් ඉදිරි පැය කිහිපයේදී රුසියානු ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ රජයේ ඉහළ පෙලේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීමට තීරණය කර ඇති බවටද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...