හොරණ, කඳන ප්‍රදේශයේදී අහසට වෙඩි තබා බිය වද්දමින් මිත්තණිය භාරයේ සිටියදී පැහැරගෙන ගොස් තිබූ දරුවා 'හොරණ නීලක' නමැති අපරාධකරුගේ මිතුරෙකු විසින් හොරණ මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ.
“හොරණ නීලක' නමැති අපරාධකරු සිය දරුවා පැහැර ගැනීමෙන් අනතුරුව ඔහුගේ මිතුරෙකු වෙත භාර දී ඇතැයි ආරංචි මාර්ග සඳන් කළේ ය.
සැකකරු සහ පොලිසිය අතර හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු අද (පෙබ. 17) මියගොස් තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්ලුව මහතා ප්‍රකාශ කළේ, සැකකරු වෙඩි තැබීමට භාවිත කළ වී-56 වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ පොලිස් භාරයට ගත් බව ය.
හොරණ, කඳන ප්‍රදේශයේදි අහසට වෙඩි තබා බිය වද්දමින් මිත්තණිය භාරයේ සිටි දරුවෙකු අද (පෙබ. 17) දින උදෑසන දරුවාගේ පියා වන 'නීලක' නමැති අපරාධකරු විසින් පැහැර ගනු ලැබ තිබිණි.
පොලිසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු වන අදාළ පුද්ගලයා 24 හැවිරිදි අයෙකු බව ය.
මෙම පුද්ගලයා දරුවාගේ මවට ද පසුගිය 11 වන දා තියුණු ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදු කර ඇති අතර මේ වන විට ද ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කළේ ය.
මෙම පැහැර ගැනීම සිදු වන විට මව රෝහල්ගතව සිටි බව පොලිසිය පැවසීය.
තාරක සම්මාන්
No comments:
Post a Comment