පැය 10ක කාලයක් සඳහා විදුලි කප්පාදු සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
අද (මාර්තු 25) දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය පරිදි ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර ඇති බව ය.
ඒ අනුව, එළඹෙන සඳුදා දිනය වන විට විදුලිය නිපදවීම සඳහා බලාගාරවලට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලැබීමට නියමිත බව ඔහු පැවසීය.
එලෙස ඉන්ධන ලැබීම හේතුවෙන් දැනට සිදු කරන විදුලි කප්පාදු කිරීම්හි කාල සිමාවන් අඩු වීමට ද නියමිත බව ඔහු සඳහන් කළේ ය.
ඉදිරියේදි තවත් පෞද්ගලික විදුලි බලාගාර කිහිපයකින් විදුලිය මිලදි ගැනීමට ද විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව, දැනට විදුලිය මිලට ගැනීම සඳහා අවසර දී ඇති බලාගාරවලට අමතරව ඉල්ලා ඇති අනෙකුත් පෞද්ගලික බලාගාරවලින් ඉදිරි මාස 6ක සඳහා විදුලිය මිලදී ගැනීමට අවසර ලබාදීමට නියමිත බව ඔහු වැඩිදුරට ත් පැවසීය.
කාංචනා විජයබණ්ඩාර
2022-03-25 - Updated 16 minutes ago

No comments:
Post a Comment