Friday, 25 March 2022


රුසියාව විසින් යුක්‍රේනයේ ඇති කරන ලද මානුෂීය අර්බුදයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම යෝජනාවලියට දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.

දකුණු ආසියාවේ සෙසු රටවල් වන බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින් සහ ඇෆ්ඝනිස්ථානය යෝජනාවලියට ප ව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මෙම ඡන්ද විමසිමේදි රටවල් 140ක් පක්ෂව ඡන්දය භාවිත කර ඇති අතර ඡන්දය භාවිත නොකළ රටවල් සංඛ්‍යාව 38කි.

මේ අතර, මෙම යෝජනාවට විපක්ෂය ව එනම් රුසියාවට පක්ෂව ඡන්දය භාවිත කර ඇත්තේ , රටවල් 5ක් පමණි.

එම රටවල් වන්නේ , බෙලරූස්, එරිත්‍රියාව, උතුරු කොරියාව, රුසියාව සහ සිරියාව යි.

මෙම ඡන්ද විමසීම සිදු කෙරුණේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අද පැවති 11 වන හදිසි විශේෂ සැසි වාරයේදි ය.

ශ්‍රී ලංකාව මෙම තීරණය ගෙන ඇත්තේ, යුක්‍රේන ආක්‍රමණය හමුවේ ශ්‍රී ලංකාව රුසියාවට එරෙහිව යුක්‍රේනයට සහය පළ කළ යුතු බවට මෙරට තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් විශාල පිරිසක් ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබියදී ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...