Friday, 25 March 2022


සෙනසුරාදා (මාර්තු 26)

හෙට (26) දිනයේදී A සිට L දක්වා කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 3යි මිනිත්තු 20ක් විදුලිය විසන්ධි කිරිමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

එදින සවස 6 සිට රාත්‍රී 11 දක්වා කාලය අතරතුර පැය 1යි විනාඩි 40ක් ද විදුලිය විසන්ධි කිරිමට නියමිත ය.

එම කලාප සඳහා පැය 5ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

මේ අතර, P සිට W දක්වා කලාපවලට පෙරවරු 9 සිට සවස 6 දක්වා කාලය අතරතුර පැය 3ක විදුලි කප්පාදුවක් කිරීමට නියමිත ය.

එම කලාප තුළ සවස 6 සිට රාත්‍රී 9 දක්වා කාලය අතරතුර පැය 1යි විනාඩි 40ක් විදුලිය විසන්ධි කෙරේ.

එම කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන සම්පුර්ණ කාලය පැය 4යි මිනිත්තු 40කි.


ඉරිදා (මාර්තු 27)


මේ අතර මාර්තු 27 වන ඉරිදා A - L කලාප සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලය අතරතුර පැය 2යි මිනිත්තු 15ක විදුලිය විසන්ධි කිරීමට නියමිත ය.

ඊට අමතරව, සවස 5.15 සිට රාත්‍රී 10.30 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කිරිමට නියමිත ය.

P - W කලාපවල සවස 5 සිට රාත්‍රී 11 දක්වා කාලය අතරතුර විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 2ක කාලයකට ය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...