Thursday, 3 March 2022


යුක්‍රේන ආක්‍රමණය සැලසුම් කර ඇත්තේ, මාස 12කට පෙර බව රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර තිබේ.

රුසියානු රජයට අයත් රුපවාහිනී වැඩසටහනකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

"අපි මේ මෙහෙයුම එකවර සූදානම් කළේ නැහැ. වසරක කාලයක සිට සූදානම් වෙමින් සිටියා. සමහර විට ඊටත් වඩා වැඩි විය හැකි යි. අපි සිදු වූයේ කුමක් ද? යන්න තේරුම් ගෙන යුක්‍රේනයට කල් තියා අනතුරු අඟවමින් සිටියා."

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය නොකළේ නම්, ඔවුන් ප්‍රහාරයට ලක්වීමට ඉඩ තිබුණු බව ය.

බුද්ධි අංශ තොරතුරු ලද සැණින් දින දෙකක කාලයක් තුළ පහර දී යුක්‍රේනය පරාජය කිරීමට තීරණය කළ බව ත් ඒ සියල්ලට වඩා තමන් රුසියානු පුරවැසියන් ආරක්ෂා කරන බව ත් ඔහු වැඩිදුරට ත් පැවසිය.

මේ අතර, රුසියානු භටයින් විසින් යුක්‍රේනයේ බර්සන් නගරයේ පරිපාලන ගොඩනැගිල්ල නතු කරගනු ලැබ ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට ඛර්සන් නගරය සම්පුර්ණයෙන් ම රුසියාවේ යටතට පත්ව ඇති බව ය.


තාරක සම්මාන්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...