Thursday, 3 March 2022


ශ්‍රී ලංකා රජය රුසියාවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සප්පාදනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එම ණය පහසුකම් ලබා ගැනීමට අදාළ කටයුතු සම්පාදනය කිරීම සඳහා හිටපු තානාපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු රාජ්‍යතාන්ත්‍රික කමිටුවක් මුදල් අමාත්‍යාංශය කළ දැනුම් දිමකට අනුව පත් කොට ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානියෙකු අද (මාර්තු. 3) පැවසීය.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන අපනයන සහ ආනයන ගනුදෙනුවලට අදාළව මෙම ණය පහසුකම් මේ ලැබීමේ සම්භාවිතාව වැඩි බව එම ප්‍රධානියා සඳහන් කළේ ය.

මෙම ණය පහසුකමට අදාළව බොර තෙල්, ගෑස් සහ ගල් අඟුරු රුසියාවෙන් ආනයනය කිරීමට නියමිත යැයි ඔහු වැඩිදුරට ත් කීය.


දසුන් රාජපක්‍ෂි


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...