Thursday, 3 March 2022



ඔට්‍රේලියාවේ ඩේකින් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට වසර 13 හමාරක සිර දඬුවමක් නියම කර තිබේ.

වික්ටෝරියා අධිකරණයක් විසින් මෙම තීන්දුව දෙන ලද්දේ, රපති අමරසිංහ නමැති 25 හැවිරිදි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට එරෙහිව ය.

බාලවයස්කාර දැරියන්ට තර්ජනය කර නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වීම හේතුවෙන් එම සිර දඬුවම නියම කළ බව ඔට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල දැක්වේ .

ළමුන්ගේ අසභ්‍ය දර්ශන සන්තකයේ තබා ගැනීම, ඉන්ටනෙහි පළ කිරීම සහ හුවමාරු කර ගැනීම ආදී වැරදි සම්බන්ධ චෝදන 25කට ඔහු වැරදිකරු විය.

රති අමරසිංහ ඊයේ වික්ටෝරියා ප්‍රාදේශිය අධිකරණයේ පෙනී සිටි අතර, එහිදි විනිසුරුවරයා මෙම ක්‍රියාව හඳුන්වා ඇ ත්තේ , 'තිරිසන්" (inhumane) ක්‍රියාවක් ලෙස ය.

අධිකරණයේදී අනාවරණය වූයේ, වයස අවුරුදු 10ක කුඩා දැරියකට පවා ඔහු තර්ජනය කරමින් ඡායාරූප සහ වීඩියෝ දර්ශන එවන ලෙස බල කර ඇති බව ය.

2018 වසරේ සිට 2020 වසර දක්වා ඔහු සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුණු අතර ඔට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ඩවටන්හි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, 2020 වසරේ නොවැම්බර් මාසයේදී ය.

රති අමරසිංහ මෙම ක්‍රියාවල නිරත වී ඇත්තේ , ජෝන් යන ව්‍යජ නමක් භාවිත කරමිනි.

ඔහු ඔස්ට්‍රේලියාවේ පමණක් නොව වෙනත් රටවල දැරියන්ට ද තර්ජනය කරමින් නිරුවත් ඡායාරූප සහ විඩියෝ දර්ශන ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇතැයි හෙළි වී තිබේ.

ඡායාරූප හෝ වීඩියෝ දර්ශන තමන් වෙත එවීමෙන් වැළකී සිටියහොත් "ජීවිතය විනාශ කරන," බවට තමන්ට තර්ජනය කළ බව වින්දිත දැරියන් අධිකරණය හමුවේ අනාවරණය කර තිබිණි.

ඔහුට අවුරුදු 13 හමාරක සිර දඬුවම් නියම කළ අතර, වසර 8 හමාරක් අනිවාර්යයෙන් ම ඔට්‍රේලියාවේ සිරගත වී සිටීමට නියම කෙරිණි.

එම කාලය අවසන් වූ පසු ඇප ඉල්ලීමක් කළ හැකි අතර, යම් හෙයකින් ඇප ලැබුණහොත් ඔහු ශ්‍රී | ලංකාවට පිටුවහල් කිරිමට නියමිත ය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...