රුසියාව පුරා සිටින පාසල් සිසුන්ට "යුක්‍රේනයේ විමුක්ති මෙහෙයුම අවශ්‍ය වන්නේ ඇයි?" යනුවෙන් ඔන්ලයින් පාඩමක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රුසියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අද (මාර්තු 03) මොකට් වේලාවෙන් මධ්‍යහන 12:00ට මෙම පාඩම විකාශන කිරිමට නියමිත බව ය.
මෙම කරුණු පැහැදිලි කිරීම මගින් "නේටෝව අපේ රටට සිදු කරන අන්තරාය" සහ "ඩොනටික් සහ ලුහාඤ්ඤ මහජන සමූහාණ්ඩුවේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව පෙනී සිටියේ ඇයි?" යන මාතෘකා පිළිබඳව කරුණු මෙහිදී ඉගැන්වීමට නියමිත බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කර ඇත්තේ, "අද ඉන්ටනෙට් පුරා ගලා යන විශාල තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ ප්‍රවාහය තුළ ඇති සත්‍යය, බොරුවෙන් වෙන්කර හඳුනා ගන්නේ කෙසේ ද? යන්න ළමයින් ඉගෙන ගනු ඇති බව," ද එම අමාත්‍යාංශය සිය ෆේස්බුක් පිටුවේ පවසා ඇති බව ය.
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment