Monday, 7 March 2022


පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසි වාරය අමතමින් ඉල්ලීමක් කර තිබේ.

එහිදී උන් වහන්සේ සඳහන් කළේ, මෙම ප්‍රහාරය හුදෙක් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට | සැකයක් පැවති බව ත් පසුව සිදු කළ විමර්ශනවලදි මෙය දේශපාලන මහා කුමන්ත්‍රණයක කොටසක් බවට සැකයක් අනාවරණය වූ බව ත් ය.

තමන් මෙන් ම සිවිල් සංවිධාන කිහිපයක් ද වින්දිතයින් හට යුක්තිය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිවිය ද එය එලෙස සිදු කිරීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇති බව උන්වහන්සේ සඳහන් කළේ ය.

උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ, මෙම ප්‍රහාරය සිදු වී වසර තුනක් ගත වූව ද නිසැකව ම සිදු වුයේ කුමක් ද යන්න පිළිබඳව තවමත් කවුරුත් නොදන්නා බව ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සාමාජික රටවල් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස් කිරීම තවදුරට ත් කරගෙන යන මෙන් කාදිනල් හිමිපාණන් මෙහිදී ඉල්ලීමක් කළේ ය.

එමෙන් ම මෙම ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය සොයා ගැනීමට අපපාතී විමර්ශනයක් පැවැත්වීම සහිතක කිරීම සඳහා ක්‍රමවේදයක් සැලසුම් කිරිමට සහයෝගය දෙන ලෙස ද උන් වහන්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසි වාරය අමතමින් ඉල්ලීමක් කළේ ය.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...