පවතින ඩොලර් අර්බුදය හමුවේ සිය මෙහෙයුම් කටයුතු පෙබ. 26 වන දා සිට නවතා දමා ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිය සමාගම ගෑස් බෙදා හැරීමේ කටයුතු ද මේ වන විට නවතා දමා ඇති බව ය.
ගෑස් අඩංගු නෞකා තුනක් වරායට පැමිණ තිබුණ ද ඒවා නිදහස් කර ගැනීමට නොහැකි තත්වයක් උගතව ඇතැයි ඔහු පැවසීය.
ඔහු සඳහන් කළේ, බොහෝ දුරට හෙට (මාර්තු 9) උදෑසන වන විට ඉන් එක් නෞකාවක් හෝ නිදහස් කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කර බව ය.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසීමක් කළේ ය.
එහිදි ඔහු ප්‍රකාශ කළේ, හැකි ඉක්මනින් ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ය. ඒ සඳහා හැකි උපරිමයෙන් උත්සහ කරන බව ද අමාත්‍යවරයා පැවසිය.
පවතින තත්වය සාමාන්‍ය මට්ටමකට ගෙන ඒමට කොපමණ කාලයක් ගත වන්නේ ද? යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමේදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"ඉක්මනින්. අපි අද ත් සාකචිඡාවක් තියෙනවා කියලා බලලා අපි කතා කරමු."
මේ අතර, මාර්තු 3 වන දා ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා ප්‍රකාශ කළේ, මෙම සතිය තුළ මෙරට තුළ ගෑස් අර්බුදය උද්ගත වනු ඇතැයි තමන් සිතන බව ය.
"මම හිතන්නේ ලබන සතිය වෙනකොට ලංකාවේ ඩීසල්, පෙට්‍රල්වලට වඩා ගෑස් අර්බුදයක් එන්න පුළුවන්."
ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ආනයනය කළ ගෑස් ගොඩබෑමට නොහැකිව ගෑස් නැව් වාරයේ සිර වී ඇති බව ඔහු පැවසිය.
"අපේ නැව් එළියේ තියෙනවා. ඇතුළට ගන්න විධියක් නැහැ අපිට L.c. open කරන්න බැහැ. ඉතින් අපි බැංකුත් එක්ක හැමදාම උදේ හවස කතා කරනවා. බැංකු L.B. දෙන්නේ නැහැ මොකද ඩොලර් නැති නිසා."
රට තුළ පවතින ගෑස් හිඟය හේතුවෙන්, තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින ගෑස් පාරිභෝගිකයෝ පවසති.
ඒ හේතුවෙන්, මේ වන විට බොහෝ ආහාර වෙළෙඳ සල් සහ ආපන ශාලා ද වසා දමා තිබෙන ආකාරය අපට නිරීක්ෂිණය විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල් සම්පත් මහතා ද ප්‍රකාශ කළේ, පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා ආපන ශාලා 3,000කට ආසන්න සංඛ්‍යාවක් වැසී ඇති බව ය.
හෙට දිනය වන විට පවතින ගෑස් ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදෙන්නේ නම්, "සියලු දෙනාට බඩගින්නේ සිටීමට සිදුවන," බව ඔහු අවධාරණය කළේ ය.
තාරක සම්මාන්
No comments:
Post a Comment