Friday, 25 March 2022

ශ්‍රි ලංකාවේ වාර්ෂික උද්ධමනය 49% ඉක්මවා ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හාක් මහතා අනාවරණය කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ උද්ධමනය පසුගිය දෙසැම්බර් මාසයේදි 12.1%ක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව දන්ත ඉදිරිපත් කළ ද, තමන්ගේ ගණනය කිරීම් අනුව එම අගය 49.1%ක්

බව ය.

ආර්ථික අර්බුදය සහ මෑතකදී කළ ඉන්ධන මිල ඉහළ දැමිම යන හේතු නිසා ශ්‍රී ලංකාව ගිලෙමින් පවතින බව ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ඇති "එක ම මාර්ගයක්" ද ඔහු යෝජනා කර තිබේ.

ඔහු යෝජනා කර ඇත්තේ, මහ බැංකුව වෙනුවට ශ්‍රී ලංකාවේ 1884 සිට 1950 දක්වා කාලය තුළ පැවති පරිදි මුදල් මණ්ඩලයක් (Currency Board) පත් කළ යුතු බවට ය.

මුදල් මණ්ඩලයකින් සිදුවනුයේ, රටේ පවතින සංචිත ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් නිකුත් කිරිම

එමගින් මුදල් මුද්‍රණය කිරිමේදි යම් සීමා පැනවෙයි.

ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව පොළී අනුපාත තීරණය කිරීම වෙනුවට වෙළෙඳ පොළ මුදල් සංසරණය අනුව පොළී අනුපාත තීරණය වනු ඇත.

හොංකොංහි ක්‍රියාත්මක වන්නේ ද, මුදල් මණ්ඩලයකි.

ඊට අමතරව, ශ්‍රී ලංකා රුපියල වෙනත් රටක මුදල් වර්ගයක් සමග සම්බන්ධ කර එහි අගය අදාළ රටේ මුදල් වර්ගයට සාපේක්ෂව ඉහළ පහළ යන ක්‍රමවේදයක් සකසන ලෙසට ද මහාචාර්යවරයා උපදෙස් දී තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...