Tuesday, 8 March 2022


ජාත්යන්තර කාන්තා දිනය යෙදි තිබු අද (8 ) දින සවස පාසල නිමවී නිවස බලා යමින් සිටි සිසුවියක තියුණු පොරෝවකින් පහරදී ඝාතනය කර ඇති බව හාලිඇල පොලිසිය කියයි.

හාලිඇල උඩුවර වත්ත පහළ කොටසේ පදිංචි ධර්මරාජ් ලිබියා නැමති 18 හැවිරිදි පාසල් සිසුවිය මෙසේ ගාතනය කර තිබෙන බව පොලිසිය කියයි.
උඩුවර වත්තේම පදිංචි බව කියන සැකකරු ප්රදේශයෙන් ඵලා ගොස් ඇති බවත් පොලිස් කණ්ඩායම් හතරක් යොදවා සැකකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්රියාත්මක කරන බව බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා කියයි.
හාලිඇල දෙමළ විද්යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඝාතනයට ලක්වු සිසුවිය පාසල නිමවී බසයෙන් ගමන්කර එයින් බැස උඩුවර වලස්බැද්ද මාර්ගයේ පාගමනින් යන අතරතුර ඇගෙන් ආදරය අයැද සිටි තරුණයෙකු පොරෝවෙන් හිසට කිහිපවරක් පහරදී ඝාතනය කර තිබෙන බව පොලිසිය කියයි.
වසර කිහිපයක සිට ඝාතනයට ලක්වු තරුණියගෙන් ආදරය අයදිමින් සිටි සැකකාර තරුණයා පසුගිය වසරේදි සිසුවියගේ මවට
හා සහෝදරයෙකුට පොරෝවකින් පහරදීමක් සම්බන්ධයෙන් සමථ මණ්ඩලයේ නඩුවක් පැවැත්වෙන බවද පොලිසිය කියයි
ඝාතනයට ලක්වු සිසුවිය සම්බන්දයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සදහා බදුල්ල මහ රෝහලට මෘත
ශරීරය ගෙන යන බව පොලිසිය කීය,
බදුල්ල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත නිළධාරීහු පරීක්ෂණ සිදු කරති,

ප්රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...