Monday, 28 March 2022


බොහෝ පුද්ගලයන් තද නින්දේදී ගෙරවීම සිදු කරනවා. මෙය පුරුෂ පාර්ශ්වය හෝ ස්ත්රී පාර්ශ්වය කියා වෙනසක් නැහැ. ඇතැම් විට මෙය රාත්රියට නිදා සිටින අනෙක් අයටත් හිරිහැරයක්. නින්දෙන් ගෙරවීම සාමාන්ය දෙයක් නිසාත් රෝගි තත්ත්වයක් නිසාත් ඇති විය හැකියි.

බොහෝ විට නින්දෙන් ගෙරවීම ශ්වසන මාර්ගය ආශ්රිත රෝගයක් ලෙස ගැනෙනවා. සෙම අධිකව ඇති විට ද ගෙරවීම ඇති වෙනවා. මේ සඳහා දේශීය ආයුර්වේදය තුළ හිසේ සිට පෙනහලු දක්වා සෙම ඉවත් කිරීම කළ යුතුයි. එසේ සෙම ඉවත් කිරීමේදී ශ්වසන මාර්ගය නිදහස් වීම හරහා ගෙරවීමට ප්රතිකර්ම ලැබෙනවා. ඇතැම් පුද්ගලයන්ගේ ශ්වසන මාර්ගය උත්පත්තියෙන්ම සිහින් වීම නිසාත් ගෙරවීම ඇති වෙන්න පුළුවනි. එවැනි පුද්ගලයන්ට වෙනම ප්රතිකාර ක්රම අනුගමනය කරනවා. ඒ කියන්නේ ඉරියවු මඟින් කරන ප්රතිකාර. නිදා සිටින ඉරියව්ව වෙනස් කිරීම මෙමඟින් සිදු කරනවා. පැත්තට ඇල වී සිටින විට කන සහ උරහිස කෙළවර ගෑවෙන ස්ථානයේ තිබෙන හිඩැසට කොට්ටයක් තබා ගෙන නිදා ගන්නට දීම මෙමඟින් කරනු ලබනවා. එවිට ශ්වසන මාර්ගය කෙළින් තිබීම නිසා හුස්ම ගැනීම පහසු වී ගෙරවීම බොහෝ දුරට අඩු වෙනවා. දකුණු ඇලයට හැරී තුනී කොට්ටයක නිදා ගන්නා විට බෙල්ලත් උරහිසත් අතර තිබෙන හිඩැස අඩු වීම නිසා හිස පහත් වෙනවා. එවිට කෙළින් හිඳගෙන ගෙන සිටින විට තිබෙන ඉරියව්ව නිදා සිටින විට පවතින්නේ නැහැ. මේ නිසා සෘජුව හිඳ ගෙන සිටින විට තිබෙන ඉරියව්වම නිදා සිටින විටත් තබා ගත හොත් මෙලෙස ගෙරවීම පාලනය කර ගන්න පුළුවනි. හිසට ලැබෙන ආධාරකය වන කොට්ටයේ උස අඩු වුව හොත් ශ්වසන මාර්ගය ඇලවීමකට ලක් වෙනවා. බෙල්ල ඇද වීමකට ලක් වී ආශ්වාස ප්රශ්වාස ක්රියාවලිය නිසියාකාරව සිදු වන්නේ නැහැ. හුස්ම සිරවී කොහේ හෝ ගැටීම නිසා ගොර ගොර ශබ්දයක් ඇති වෙනවා. මේ නිසා නිදා ගන්නා ඉරියව්ව වෙනස් කිරීමෙන් ගෙරවීම නවතාලිය හැකියි.
මේ හේතුවලට අමතරව නාසයේ මස් දලු ඇති වීම, සෙම නිසා නාසය හිර වීම නිසාත් ගෙරවීම ඇති වෙන්න පුළුවනි. නිදා ගන්නා විට දිව තල්ල දෙසට ආපස්සට ගොස් නිදහස් වෙනවා. එවිට දිවත් තල්ලත් අතර වාතය පිට වන්නේ අපහසුවෙන්. මෙවැනි අවස්ථාවලත් ගෙරවීම් ඇති වෙනවා.
ප්රධාන වශයෙන්ම නිදා ගන්නා ඉරියව්ව වෙනස් කිරීම තුළින් සියයට පනහක පමණ ගෙරවීම වළක්වා ගත හැකියි.
මීට අමතරව ආයුර්වේද ප්රතිකාර කිරීමේදී මුලින්ම නාඩි පරීක්ෂා කොට රෝගියාගේ ඇඟ විරේක කළ යුතුයි. වා, පිත් සහ සෙම් කියන තුනෙන් කිපී තිබෙන්නේ කුමන එකද යන්න නාඩි පරීක්ෂාවෙන් බලා ගන්න පුළුවන්. එය මූලික කර ගෙන රෝගියාගේ කුමන තත්ත්වයට ද ප්රතිකාර කළ යුත්තේ යන්න නිශ්චය කර ගත යුතු වෙනවා. ඒ වගේම රෝගියා දියවැඩියා, කොලෙස්ටරෝල්වලින් පීඩා විඳිනවා ද යන්නත් සොයා බැලිය යුතුයි. මේ සියල්ලම සමනය වන ආකාරයට රෝගියාටම ආවේණික වන ආකාරයට බෙහෙත් නියම කිරීමයි වෙන්නේ. රෝගියාගේ ඇවතුම් පැවතුම් ගත් විට එනම් රෝගියා එදිනෙදා ජීවත් වන ආකාරය අනුව මේ දේවල් වෙනස් කරනවා. එනම් රෝගියා උදේ දහයට තේ පානයට යොමු වී සිටින්නේ නම් ඒ වෙනුවට ඉඟුරු, කොත්තමල්ලි සහ තිප්පිලි (ඉඟුරු ග්රෑම් 50, කොත්තමල්ලි ග්රෑම් 100, තිප්පිලි ග්රෑම් 25 බැගින්) කබලේ දමා බැද කුඩු කර උණු වතුර දමා බොන්නට දෙනවා. මෙමඟින් සෙම පාලනය කර ගන්න පුළුවන්.
අනෙක් කාරණය ලෙස හිසට දමන තෙල් නිසාත් සෙම ගතිය ඇති වෙන්න පුළුවන්. විවිධ පුද්ගලයන් නොයෙක් වර්ගයේ තෙල් හිස ගැල්වීම සඳහා යොදා ගන්නවා. එහෙත් හිසේ තෙල් රඳවා ගත යුතු වේලාව උපරිම පැය එකහමාරක් පමණ විය යුතුයි. හිරු එළිය හොඳින් වැටෙන වේලාවට පමණක් හිසට තෙල් දැමිය යුතුයි. ඉන්පසු පැය එකහමාරක් පමණ හිස හොඳින් ආවරණය කොට තබා සෝදා හැරිය යුතුයි. එමෙන්ම සෙම් රෝගීන්ට අකැප ආහාර වන වම්බටු, මෑකරල්, බණ්ඩක්කා වැනි සීතල ආහාරවලින් වළකින්න ඕනෑ. තැඹිලි බීමත් සුදුසු නැහැ.
හෙළ වෙදකම කියන්නේ කෙනකු රෝගි වූ විට බෙහෙත් කිරීම නොවේ. මනුෂ්යයකු රෝගි නොවී නීරෝගිව තබා ගැනීමයි. මේ නිසා එදිනෙදා ජීවිතයට ස්වාභාවික ශාකසාර දේ භාවිත කරන්නට හැකි නම් බොහෝ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්. උදාහරණ ලෙස තේ පානයෙන් මිදී ඉඟුරු, කොත්තමල්ලි සහ තිප්පිලි තම්බා බීමට හැකි නම්, පර වී බිමට වැටෙන නිල් කටරොළු මල් වියළා උණු වතුර දමා බොන්නට හැකි නම් ඒවා ශරීරයට ඉතාම ගුණදායකයි. නිල් කටරොළු මල් විශේෂයෙන්ම සෙමට අගනා ඔසුවක්. පොකුරු වද මලුත් ඒ ආකාරයට තම්බා බීමට ගත හැකියි. ඒ වගේම ජෙලි එකක් ආකාරයට ද ආහාරයට ගන්න පුළුවන්. නෙල්ලි, රසකිඳ සහ ඉරමුසු ද තේ වෙනුවට පානය කළ හැකියි. එවිට ශරීරය නිරන්තරයෙන්ම නීරෝගි වෙනවා. සීනි දමා තේ බීම අධික තරබාරුවට හේතුවක්. අධික තරබාරුව නිසාත් නින්දෙන් ගොරවනවා. තරබාරුවෙන් මිදී සිටීම ඕනෑම රෝගයකට සුවදායකයි. සෙම, සොටු, මල, මූත්ර ශරීරයෙන් පිට විය යුතුයි. ස්වභාවික ආහාර පානවලට යොමු වීමෙන් මේ දේවල් නියමාකාරයෙන් බහිස්රාවය වෙනවා. එය නීරෝගීකමේ ලක්ෂණයක්.
නින්දෙන් ගෙරවීම ඇති වන්නේ සෙම නිසා නම් හෙළ වෙදකමේදී ඇඟ විරේකයෙන් පසු ඒ සඳහා ඉඟුරු මූලික කර ගත් කසාය නියම කෙරෙනවා. සෙම ඇඟෙන් පිටවිමට බෙහෙත් ලබා දී නාසයට තෙල් දැමීමත් සිදු කරනවා. මෙය නස්න කිරීමක්. උණු වතුරට බෙහෙත් කොළ වර්ග දමා එහි හුමාලය අල්ලා පසුව එම වතුරෙන් පොඟවා ගත් රෙදි කැබැල්ලකින් රෝගියාගේ හිස, මුහුණ, බෙල්ල සහ උරහිස් තැවීම කරනවා. පපුවේ සෙම තිබේ නම් පපුව ද තවනවා. ඉන්පසු හිසට ද තෙල් දමා හොඳින් සම්බාහනය කොට නාස් පුඩුවලට ද තෙල් බිඳුව බැගින් දමනවා. මෙයින් සිදු කරන්නේ හිස් කබලේ සිට තැන්පත් වී තිබෙන සියලුම සෙම එළියට ඇද ගැනීමයි. මෙම සත්කාරය සඳහා දින 21ක් පමණ ගත වෙනවා. ඉන්පසු නාස් පුඩුවලින් ඉහළට ඇද ගැනීමට ලබා දෙන පීනස් කුඩු මඟින් ජීවිත කාලය තුළම නැවත සෙම හැදෙන්නේ නැහැ. මේ ප්රතිකර්ම මඟින් නින්දෙන් ගෙරවීම පාලනය කර ගන්න පුළුවන්.

උපදෙස් - පාරම්පරික වෛද්
නවරත්න මැණිකේ දිසානායක

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...