Monday, 7 March 2022


 

රුසියාව යුක්‍රේග්නයට එරෙහිව එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරන රුසියානු වැසියන් දහස් ගණනක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත කරයි.

මානව හිමිකම් සංවිධාන සහ රුසියානු බලධාරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තාවල දැවෙන්නේ, ඉරිදා දිනයේදී පමණක් රුසියානුවන් 4300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

යුක්‍රේනයට එරෙහි ආක්‍රමණය නතර කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතා අතරතුර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොස්කව් නගරයේ පැවති විරෝධතාවලදී පුද්ගලයින් 1700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර නගර 53කදී එවැනි අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇත.

පසුගිය දින 11 තුළදී විරෝධතාකරුවන් 10,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි OVDInfo නමැති මානව හිමිකම් සංවිධානය පවසයි.

මෙවැනි අත්අඩංගුවට ගැනීම් දිගින් දිගට ම පැවතිය ද, පුටින්ගේ ක්‍රියාකලාපයට එරෙහි විරෝධතා රුසියාව පුරා අඛණ්ඩව පැවැත්වෙන බව ද මාධ්‍ය වාර්තවල දැක්වේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...