"එක කරුණක් පැහැදිලි කරන්න. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන් ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා මේකට එන්න, පරණ යාළුකමටවත් එන්න කියලා.
අපි හිතුවා මේක වැදගත් කියලා. ඒ නිසා අපි මෙතෙනට ආවා.
මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඇත්ත වශයෙන් ම මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතෙනදී අපි ආවේ නැහැ ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ කියලා මේවා කරන්න. අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ.
ඒත් මම කණගාටු වෙනවා, එතුමා පටන්ගත්තේ ම ඒක ගිය ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුර දුන්නොත්? එතකොට මොකද්ද වෙන්නේ? ඊළඟටත් පිළිතුරු දෙනවා ද? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවට ද අපි එතෙනට යන්නේ?"

No comments:
Post a Comment