ඇල්පිටිය ආදාහනාගාරයේදී මෘත දේහයකට ගිනි ඇවිළවීමට ගිය තරුණයන් දෙදෙනෙකුගේ හා ආදාහනාගාර සේවකයෙකුගේ සිරුරුවලට ගිනි ඇවිළීමෙන් ඔවුන් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්පිටිය මුලික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
ඊයේ (මාර්තු 21) දහවල් ඇල්පිටිය, රජමහා විහාර මාවතේ පදිංචිකරුවෙකුගේ මෘත දේහයක් ඇල්පිටිය ආදාහනාගාරය වෙත රැගෙනවිත් ඇති අතර ඒ මොහොතේ එහි විදුලිය විසන්ධි වී ඇති බැවින් එහි සේවකයන්ගේ උපදෙස් පරිදි කඩදාසියක් දල්වා දේහයට ගිනි දැල්වීමට යාමේදී මෙසේ ඔවුන්ගේ සිරුරට ගිනි ඇවිළුණු බව එහි සිටි ඥාතීහු පවසති.
තුවාල ලැබූ තරුණයන් දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නැති බව ද රෝහල් ආරංචි මාර්ග පැවසිය.
විදුලිය ඇති වේලාවට ගිනි තැබීම සිදු කරනුයේ විදුලි බොත්තමක් එබීමෙන් බව ද දහවල් විදුලිය විසන්ධි වී තිබීම නිසා මෙසේ ගිනි තැබීමට කටයුතු කර ඇති බව ද එහි සේකයෙක් පැවසිය.
ගයාන් ගුණස්කර - ඇල්පිටිය

No comments:
Post a Comment