Saturday, 5 March 2022


ව්යාජ පුවත් පතුරුවන පිරිස් වෙත දඬුවම් පැනවීමට හැකිවන පරිදි නව නීති හඳුන්වාදීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධ නව පනතකට ඊයේ ඔහු අත්සන් තැබු අතර එහිදී යුක්රේන- රුසියා යුදමය තත්ත්වය සම්බන්ධ ව්යාජ පුවත් ලෙස රජය සලකන පුවත් ප්රචාරය කර වරදකරු වූ අයෙක් සඳහා වසර 15ක සිරදඬුවම් පැනවීමේ අවස්ථාව හිමිවෙයි.
මේ සමගින් රුසියාව තුළ සිදුකළ සිය මෙහෙයුම් තාවකාලිකව නිමා කිරීමට CNN හා BBC මාධ්ය ආයතන තීරණය කර තිබේ.
එමෙන්ම රුසියාවේ ක්රියාත්මක වූ ස්වාධීන මාධ්ය ආයතන රැසක්ද වසා දමා තිබුණි.
ඉන් නොනැවතී සමාජ මාධ්ය මත වාරණ පැනවීමටත් රුසියානු රජය පියවර ගෙන තිබේ.
ඒ යටතේ ඔවුන් පියවර ගෙන ඇත්තේ, ෆේස්බුක් සමාජ මාධ්ය රට තුළ තහනම් කිරීමටය.
එමෙන්ම ට්විටර් හා යූ ටියුබ් සේවාවන් සඳහා පිවිසීම සීමා කිරීමටත් රජය තීරණය කර තිබුණි.
කෙසේ වෙතත් ෆේස්බුක්ද අයත් මෙටා ආයතනයේම යෙදවුම් වන ඉන්ස්ටග්රෑම් සහ වට්ස්ඇප් මත තවමත් රුසියාව වාරණ පනවා නොමැත.
මේ අතර යුක්රේනයේ රාජකාරිවල නිරතව සිටි ස්කයි නිවුස් මාධ්යවේදීන් ඉලක්ක කර වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
කෙසේ නමුත් ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර ඔවුන් නැවත එක්සත් රාජධානිය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...