Saturday, 5 March 2022

 

යුක්‍රේනයට ඉහළ අහසේ ගුවන් මුක්ත කලාපයක් නම් කරන ලෙස යුක්‍රේනය කළ ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර තිබේ.


ඒ සමග නේටෝ සංවිධානය දැඩි ලෙස විවේචනය කිරීමට යුක්‍රේන ජනාධිපතිවරයා කටයුතු කර ඇත.


රුසියාව, යුක්‍රේනය ඉලක්ක කරමින් දැවැන්ත යුදමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර අදට දින 10ක් ගතවී තිබේ.

               

රුසියානු ප්‍රහාර නතර කිරීම සඳහා යුක්‍රේනයට ඉහළ අහසේ ගුවන් මුක්ත කලාපයක් නම් කරන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අවස්ථා රැසකදීම ඉල්ලීම් කර තිබුණි.


කෙසේ වෙතත් ඊට සහාය නොදැක්වීමට ඊයේ රැස්වූ නේටෝ සංවිධානය තීන්දු කර තිබේ.


ඔවුන් පවසන්නේ, මෙවන් අතපෙවීමක් මගින් සමස්ත යුරෝපයම යුද්ධයකට ඇදදැමීමේ අවදානමක් උද්ගත වන බවය.


යුක්‍රේන ජනාධිපති පවසන්නේ, මෙතැන් පටන් යුක්‍රේනයේ සිදුවන සෑම මරණයකම වගකීම නේටෝ සංවිධානය මත පැටවෙන බවය.


යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි,


"අද පටන් මෙහි සිදුවන සෑම මරණයකම වගකීම පැටවෙන්නේ ඔබ මතයි. ඔවුන් සියලුදෙනා මියයන්නේ ඔබ නිසා. ඔබේ දුර්වලකම නිසා. ඔබ අත්හැර දැමූ නිසා. පැවති නේටෝ හමුව දුර්වල හමුවක්. පැටලිලි සහගත හමුවක්. යුරෝපයේ නිදහස වෙනුවෙන් අප සිදුකරන සටනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු නැතැයි ඔවුන් සිතනවා. යුක්‍රේනයට ඉහළ අහස වසාදැමීමෙන් නේටෝ සංවිධානය රුසියාවේ සෘජු කෝපයට ලක්වන බවයි ඔවුන් හිතන්නේ."


එමෙන්ම ජනාධිපතිවරයා අවධාරණය කළේ, යම් හෙයකින් මේ සටන අවසානයේදී යුක්‍රේනය බිඳවැටුණහොත්, එය යුරෝපයේද බිඳවැටීම වියහැකි බවය.


මේ අතර යුක්‍රේනයේ ක්‍රියාත්මක යුද්ධයට එරෙහිව ලොව රටවල් රැසක මේ වනවිට විරෝධතා පැවැත්වෙමින් තිබේ.


ඒ අනුව විවිධ රටවල ප්‍රමුඛ නගරවල පැවැති 

විරෝධතාවේ නිරත පිරිස් සූම් තාක්ෂණය ඔස්සේ ඇමතීමටත් යුක්‍රේන ජනාධිපතිවරයා නටයුතු කර තිබුණි.


යුක්‍රේනයේ නගර රැසක් මේ වනවිටත් රුසියාවේ දැඩි ප්‍රහාරයන්ට ලක්වෙමින් තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...