Tuesday, 22 March 2022


අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන් සඳහා "කුලී සින්න" නමින් නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඉඩම් සහ නිවාස නොමැති වීමෙන් අඩු පහසුකම් යටතේ ජීවත් වන කුලී නිවැසියන්ගේ නිවාස ගැටලුවට පිළියම් ලබා දීමේ අරමුණින් මෙම නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ තටු 4ක් සහිත මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට ත් ප්‍රථම අදියර යටතේ පළාත් මට්ටමින් නිවාස 464කින් සමන්විත නිවාස සංකීර්ණ 9ක් ඉදිකිරීමට ත් සැලසුම් කර තිබේ.

තෝරා ගනු ලබන ප්‍රතිලාභීන්ට මූලික ගෙවීමක් කිරීමට හැකියාවක් නොමැති බැවින් මාසිකව රුපියල් 15,000ක කුලී මුදලක් වර්ෂ 31ක් තුළ අය කර ගැනීමට සහ දෙවන හෝ තෙවන පරම්පරාවට නිවසේ අයිතිය පවරා දීමට හැකි පරිදි ගිවිසුමකට එළඹීමට හැකි වන පරිදි යෝජිත ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

ඒ අනුව, වසර 31ක් තුළ ගෙවීමට සිදු වන මුදල රු. 5,580,000කි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ස මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.


අමරා ලියාගත්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...