Thursday, 24 March 2022


ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් ඉන්දියාවට පැමිණීමෙන් පසුව තමිල්නාඩු වෙරළ තීරයේ ආරක්ෂාව සහ නිරික්ෂණ වැඩි කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

පෙරේදා දිනයේදි දරුවන් තිදෙනෙකු ඇතුළු ශ්‍රි ලාංකිකයින් 6 දෙනෙකු රාමේරම් වෙරළ තීරයේදි ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් යාපනයේ සහ කොකුපඩයාන් ප්‍රදේශවල පදිංචිකරුවන් බව ය.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සිට තව ත් සරණාගතයින් වශයෙන් ඉන්දියාවට පැමිණීමේ ඉඩකඩක් පවතින

හෙයින් වෙරළාරක්ෂක කටයුතු දැඩි කළ බව තමිල්නාඩු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා තිබේ.

මේ සඳහා තමිල්නාඩු පොලිසිය සහ ඉන්දිය නාවික හමුදාවේ ද සහය ලබාගෙන තිබේ.

පෙරේදා අත්අඩංගුවට ගත් සරණාගතයින් 6 දෙනා මේ වන විය මණ්ඩපහි වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන සිටින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...