Sunday, 27 March 2022


සිංහල අලුත් අවුරුදු සමය තුළදී නිරතවන ගමන් බිමන් පිළිබඳව තොරතුරු සමාජ මාධ්‍ය ජාලා වල පළකිරීමෙන් වළකින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


එසේ පළකරන තොරතුරු අපරාධකරුවන් විසින් ලබාගෙන ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ලබාගැනීමට ඔවුන් කටයුතු කිරීමට ඉඩක් ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.


“ඔබ සිංහල අලුත් අවුරුදු සමයට පෙර, අවුරුදු සමය තුළදී හෝ සමයෙන් පසුව විවිධ චාරිකාවල ගමන් බිමන් වල යෙදෙනවානම් ඔබේ ගමන් බිමන් පිළිබඳව මුහුණු පොතෙන් තව අයට දැනුම් දීමෙන් වැළකිය යුතුයි.


විශේෂයෙන්ම මුහුණ පොත, සමාජ ජාල වල මිත්‍රයින් ලෙස පෙනී සිටින සමහර අපරාධකරුවන් එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඔබ නිවසින් පිටතට ගොස් නැවත නිවසට පැමිණෙන විට ඔබගේ නිවස බිඳ සොරකම් කරන තිබෙන්නෙ පුළුවන්.


යම් අවස්ථාවක ඔබ හෝ ඔබගේ නිවසේ අය නිවසින් පිටව ගමන් බිමන් යාමේදී විවිධ ආකාරයේ සටහන් තැබීම, විවිධ ඡායාරූප මුහුණු පොතට එක් කිරීම හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාල වලට එක්කිරීම ඔබ අපරාධයක වින්දිතයෙක් බවට පත්වෙන්න පුළුවන්. මෙම කරුණු ගැන ප්‍රවේශමෙන් කටයුතු කරන්න.”

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...