රොකට්ටුවකින් වෙන්වූ කොටසක් මීට දින දෙකකට පෙර සඳ මත ගැටී ඇතැයි විද්‍යාඥයෝ පවසති.
ටොන් 3ක පමණ බරින් යුතු මෙම රොකටි කොටස වසර ගණනාවක් තිස්සේ අභ්‍යවකාශයේ පැවති බව නිරීක්ෂාණය වී තිබිණි.
මෙම රොකටි කොටස අයත් සමාගම සම්බන්ධයෙන් මතභේද පැවති අතර එය Elon Muskගේ SpaceX සමාගමට අයත් රොකට්ටුවක කොටසක් බවට මුලින් හඳුනාගෙන තිබිණි.
නමුත් පසුව එය චීන සමාගමකට අයත් වූවක් බව පැවසුණ ද, චීනය එය ප්‍රතික්ෂේප කළේ ය.
මෙම කොටස පතිත වීමෙන් සඳට සුළු හානියක් පමණක් සිදු වන්නට ඇති අතර කුඩා ප්‍රමාණයේ ආවාටයක් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඉදිරි දිනවලදි ලබා ගැනීමට විද්‍යාඥයෝ සූදානමින් සිටිති.
No comments:
Post a Comment