Monday, 7 March 2022


යටත් නොවන්නේ නම්, යුක්‍රේනය ආක්‍රමණය අඛණ්ඩව සිදු කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රතිඥා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්ත කළේ, ආක්‍රමණය හමුවේ යුක්‍රේන වැසියන් මිලියන 1.5කට අධික සංඛ්‍යාවක් එරටින් පළා යමින් සිටින පසුබිමක රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ය.

මේ අතර, යුක්‍රේනයේ සිවිල් වැසියන්ට එරෙහිව සාහසික ක්‍රියා සිදු කරන සෑම කෙනෙකුට ම දඩුවම් කරන බව එරට ජනාධිපති පොලොඩිමීර් සෙලෙස්ති ප්‍රකාශ කර ඇත.

රුසියානු හමුදා ආක්‍රමණය හිතාමතා සිදු කෙරෙන මිනීමැරුමක් බවට චෝදනා කර ඇති ඔහු ප්‍රකාශ කර ඇ ත්තේ , යුක්‍රේනය ඊට සමාව දිමක් හෝ එම ක්‍රියා මතකයෙන් ඉවත් නොකරන බව ය.

"සොහොන හැර ඔබට මිහිමත වෙනත් නිස්කලංක තැනක් නොවනු ඇත,” යුක්‍රේන ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

යුක්‍රේන බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව රෝහල්, තවාන් සහ පාසල් ඇතුළු රට පුරා සිවිල් | වැසියන් සිටින ස්ථාන ඉලක්ක කර පහර දෙන බව ය.

එහෙත් රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කිරිම ප්‍රතික්ෂේපෙ කරන අතර, තමන් යුක්‍රේන "ජාතිකවාදීන්" සහ "නව නාසිවාදීන්”ට එරෙහිව "විශේෂ හමුදා මෙහෙයුමක්" සිදු කරන බව පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


තාරක සම්මාන්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...