Monday, 21 March 2022


ශ්රී ලංකාවේ ප්රථම වරට මාර්ගගත ක්රමයට දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) හා ජංගම යෙදවුමක් හඳුන්වාදීම අද (21දා) ප්රවාහන අමාත්ය දිලුම් අමුණුගම මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි. මෙමඟින් ඉදිරියේදී දුම්රිය මඟීන්ට ලොව ඕනෑම තැනක සිට ශ්රී ලංකාවේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

ස්වයංක්රීයව ප්රවේශ පත්ර වෙන් කරවා ගැනීමේ ක්රමවේදය නිසා සියලුම දුම්රිය මාර්ග වලට අදාළ ප්රවේශ පත්ර වෙන් කරවා ගැනීමට මඟීන්ට අවස්ථාව හිමි වේ. මෙමඟින් දුම්රිය ප්රවේශ පත්ර නිකුත් කිරීම, දුම්රිය බලපත්ර හා අවසර පත් නිකුත් කිරීම දක්වා වැඩි දියුණු කර ඇත. මේ වන විට සමස්ථ ප්රවේශපත් ලබා ගැනීමේ ක්රියාවලිය ඩිජිටල්කරණයට ලක් කර ඇත.
ඉදිරියේදී මෙම පද්ධතිය හරහා විද්යුත් ප්රවේශපත්ර නිකුත් කිරීමටත්, QR කේතය මඟින් එම ප්රවේශ පත්ර තහවුරු කිරීමට හැකියාව ලැබෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ, කඩදාසි භාවිතය ද අවම වෙනු ඇත. ආසන වෙන් කිරීමේ හැකියාව ලබා දී ඇති ගමනාන්ත හා දුම්රිය වල පළමු පන්තියේ නැරඹුම් මැදිරි, දෙවන පන්තියේ හා තෙවන පන්තිය සඳහා යාමට මෙන්ම, යාමට සහ ඒමට පියවර කිහිපයක් මඟින් ප්රවේශ පත්ර මිලදී ගැනීමට මගීන්ට හැකියා ලැබේ.
Visa, master හා Lanka QR ඇතුලුව ක්රමවේදයන් කිහිපයක් ඔස්සේ මේ සඳහා ගෙවීම් කළ හැකි අතර m Ticketing සේවාව සහිත දුම්රිය ස්ථාන වෙත පැමිණ ප්රවේශපත්රයේ යොමු අංකය සමඟ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්රය ඉදිරිපත් කිරීම මඟින් වෙන් කරවා ගත් ප්රවේශපත්ර ලබා ගත හැක.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...