පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබා දිමට ලෝක බැංකුව එකභතාව පළ කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයෝ චියෝ කැන්ඩා (Chiyo Kanda) මහත්මිය ප්‍රකාශ කළ බව ය.
ලෝක බැංකුවේ නියෝජිතයන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (අප්‍රේල් 26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදි චියෝ කැන්ඩා මහත්මිය මේ බව සඳහන් කළ බව එහි සඳහන් වේ.
ඖෂධ සහ සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබා දිමට නියමිත බව ත් පවතින ආර්ථික අර්බුදයෙන් මිදිමට ශ්‍රි ලංකාවට අඛණ්ඩ සහය ලබා දෙන බව ත් ලෝක බැංකු නියෝජිතයින් සඳහන් කර ඇත.
ලෝක බැංකුවේ මෙරට උපදේශක හුසාම් අබුඩාගා (Husam Abudagga), මානව සංවර්ධන ප්‍රධානි රෙනෝ සොලානෝ (Rene Solano), මුදල් අමාත්‍ය අලි සබ්‍රි, වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්.එම්.සිරිවර්ධන, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මායා පතිරණ, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එච්.ඩබ්ලිව්.ඒ.කුමාරසිරි යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිට තිබේ.

No comments:
Post a Comment