Tuesday, 26 April 2022

“අප්‍රේල් 28 දිවයිනට ම එළවළු නෑ”


දිවයින්නේ සියලු ම ආර්ථික මධ්‍යස්ථානවලට අප්‍රේල් 28 දින එළවළු බෙදා හැරීම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙටිටිආරච්චි මහතා පවසයි.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි අද (අප්‍රේල් 26) දින විශේඝ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසිය.

රජයට එරෙහිව අප්‍රේල් 28 දින රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රට්ටේ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් කොළඹ මැනිං වෙළෙඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එළවළු තොග එවීමට කටයුතු නොකරන ලෙසට කළ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බව ය.

එළවළු ගොවියා රැක ගැනීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බව ත් එදිනට එළවළු රැගෙන යාමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණෙන නිසා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට සිදුවිය හැකි බැවින් මෙම තීරණය ගත් බව ත් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරට ත් පැවසීය.


රංජිත් රාජපක්ෂ - හැටන්


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...