ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ සමගි බල පා ගමන අද (අප්‍රේල් 26) පෙරවරුවේ මහනුවරින් ආරම්භ විය.
මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන කොළඹ දක්වා ගමන් කිරීමට නියමිත ය.
මහනුවර සිට කොළඹ දක්වා දින 5 ක් මෙම පා ගමන පැවැත්වෙනු ඇත.
පාගමන ආරම්භ කිරීමට පෙර විපක්ෂ්‍ය නායක සජිත් ප්‍රේදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් සහ නියෝජිතයින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ ආශිර්වාද ලබා ගත්තේ ය.
"වත්මන් රජයේ අක්‍රමවත් පාලනය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නැංවීම, පොහොර සම්බන්ධයෙන් පවතින ගැටලු, මානව හිමිකම් උල්ලංඝණය කිරීම, නිතියේ උත්තරීතරභාවය අහිමි කිරීම, සිවිල් අයිතිවාසිකම් කඩ කිරීම හා රට අරාජික හා අනාථ තත්ත්වයට පත් කිරීමට එරෙහිව," මෙම විරෝධතා පා ගමන සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබ තිබේ.


No comments:
Post a Comment