Tuesday, 26 April 2022

රුධිර තොග රතු අවදානම් මට්ටමේ: හිඟයට සැබෑ හේතුව මෙන්න !


ජාතික රුධිර පාරවිලයන සේවය සතු රුධිර තොග 40%ක් දක්වා පහත වැටී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

ඔහු මේ බව අනාවරණය කළේ, මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.

එහිදි මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පිළිගත්තේ, රුධිර පාරවිලයන සේවය සතු රුධිර තොග රතු අවදානම් තත්වයක පවතින බව ය.

ඊට හේතු වී ඇත්තේ, රුධිරය බහාලන බෑග් වල හිඟයක් පවතින හෙයින් බව ද ඔහු පිළිගත්තේ ය.

ඒ අනුව, මේ වන විට පවතින රුධිර හිඟයට හේතුව පරිත්‍යගශිලිගේ හිහයක් නොවන බව ද ඔහු පැවසිය.

ඔහු පෙන්වා දුන්නේ, පරිත්‍යාගශිලින්ට ආරාධනා කිරීමට හැකියාවක් නොමැති වී ඇත්තේ අදාළ බෑග් හිගය නිසා බව ය.



විනීතා එම්. ගමගේ

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...