පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවූ සයින්දමරුදුහිදි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගැනීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
නිර්වේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොටිඨාසය සඳහන් කළේ, අම්පාර මහේස්ත්‍රාත්වරියගේ සහභාගිත්වයෙන් හෙට (අප්‍රේල් 27) උදෑසන අම්පාර පොදු සුසාන භූමියේදි එම මෘත ශරීර කොටස් නැවත DNA පරීක්සණය සඳහා ගොඩගැනිමට නියමිත බව ය.
එමෙන් ම, ඒ සඳහා මුල් අවස්ථාවලදි විමර්ශන සඳහා සම්බන්ධ වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ සියලු පෙර පොලිස් විමර්ශන නිලධාරීන් සමග රජයේ රස පරීක්ෂක නිලධාරින් සහභාගි වන බව පොලිස් මාධ්‍ය කොටිඨාසය පැවසීය.
2019 අප්‍රේල් 21 වන දින සහරාන් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් සිදුකරන ලද
බෝම්බ ප්‍රහාරයට සමගාමීව සහරාන් හෂින්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිස්වාන් යන අය විසින් එම | වසරේ අප්‍රේල් 26 වන දින අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගෙන මිය ගොස් තිබිණි.
පොලිස් මාධ්‍ය කොටිඨාසය සඳහන් කළේ, එහිදි වැඩිහිටියන් හා ළමයින් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බවට විමර්ශනවලදි නිරිත්තණය වී තිබුණ ද එම ස්ථානයේ සිටි බවට සැක කරන කටුවාපිටිය
ස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද මොහොමඩු හස්තුන් යන පුද්ගලයාගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙන්ගේ මෘත ශරීරයේ කොටස් එහි තිබෙන බව DNA පරීකි ණයේදී අනාවරණය නොවී තිබුණු බව ය.
ඒ අනුව, අවස්ථා දෙකකදී සිදු කරන ලද පරීක්ෂණවලදි එය අනාවරණය නොවූ බැවින් නැවත වරක් මෘත ශරීර කොටස් ගොඩ ගෙන පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් විසින් තීරණය කර ඇති අතර ඒ සඳහා කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමට අධිකරණය මෙලෙස අවසර දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරට ත් පැවසිය.

No comments:
Post a Comment