Tuesday, 26 April 2022

මාව පන්නන්නත් බෑ, මම යන්නෙත් නෑ, මම ඉල්ලා අස්වෙන්නෙත් නෑ, - අගමැති අවධාරණය කරයි !


තමන් ඉල්ලා අස් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හා පළාත් සභා මන්ත්‍රී සංසදය අතර අරලිය ගහ මන්දිරයේ අද (අප්‍රේල් 26) පැවති හමුවකදි ය.

අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බවට පළාත් සභා මන්ත්‍රී සංසදය එහිදි ඒකමතිකව යෝජනාවක් සම්මත කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, "නැහැ මම අයින් වෙන්නේ නැහැ. බය වෙන්න එපා,” යැයි ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

"මේ ප්‍රශ්නය කෙටි කාලයක් තුළ විසඳන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. මේ තියෙන තත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියලා තියෙනවා විශ්වාසයක්. ඒ නිසා ඔබ අප කෙරෙහි විශ්වාසය තියලා රට තුළ අපිත් එක්ක ජනතාව කියා ගැනීම සඳහා අවශ්‍ය කාර්ය භාරය ඉටු කරන්න කියන ඉල්ලීම මම ඔබගෙන් කරනවා. තමුන්නාන්නලා ඒක ඉල්ලීමක් කළා මට අයින් වෙන්න එපා කියල. නැහැ මම අවෙන්නේ නැහැ. බය වෙන්න එපා !


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...