සර්වපාක්ෂික අන්තර්කාලීන ආරණ්ඩුවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේස්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සිටි දෙනෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙත්‍රීපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා සහ විජයදාස රාජපක්ෂය මහත්වරුන් අදාළ ලිපියට අත්සන් තබා ඇත.
එහි සඳහන් කර ඇත්තේ , පක්ෂඝෝද පසෙක තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම
දේශපාලන පක්ෂය එකතු වි රට අරාජික සහ අස්ථාවර වීම වැළැක්වීමට මහ ජනතාවට පිළිගත හැකි විශ්වාසනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ය.
අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා වන පියවර 11ක් අදාළ ලිපියෙන් යෝජනා කර ඇත.
අදාළ ලිපියෙන් වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ , මහජන අසහනය දුරු කර ජන ජීවිතය යථා තත්වයට පත් කර තමන් කැමති ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි කර දීම සඳහා එම පියවර මගින් පරිසරය නිර්මාණය කළ යුතු බව ය.
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment