පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉරාන් ඛාන්ට විශ්වාසභංගයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ, තමන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය අවහිර කිරීමට ඉම්රාන් ඛාගේ පාලක පක්ෂය ගත් පියවර ව්‍යවස්ථානුකූල නොවන බවට පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දිම හේතුවෙනි.
ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ඔහුගේ පාලක පක්ෂය ය විසින් පසුගිය ඉරිදා අවහිර කරනු ලැබිණි.
පසුව ඔහුගේ රජය පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අතර මැතිවරණය කැඳවීය.
කෙසේ වෙත ත්, පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ, විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසිමක් කළ යුතු බව ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉම්රාන් ඛාන් විවිටර් පණිවුඩයක් පළ කරමින් ප්‍රකාශ කළේ, තමන් නිරන්තරයෙන් සටන් කළේ පකිස්ථානය වෙනුවෙන් වන බව ය.
"මම අවසන් පන්දුව තෙක් සටන් කරනවා," යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.
No comments:
Post a Comment