එහි සභාපති ජනක රත්නායක මහතා අද (අප්‍රේල් 8) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
මේ අතර, මහ සිකුරාදා දිනය යෙදී ඇති අප්‍රේල් 15 වන දින ද විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
අප්‍රේල් 11 සහ 12 යන දිනවල විදුලි කප්පාදුව පැය 4කට සීමා කර ඇති අතර එම දිනවල උදෑසන 8.30 සිට පස්වරු 5.30 අතර කාලය තුළ පැය 2යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 අතර කාලය තුළ පැය 1යි මිනිත්තු 45ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ඔහු පැවසීය.
සභාපතිවරයා සඳහන් කළේ, අප්‍රේල් 16 සහ 17 යන දිනවල විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 15ක් දක්වා අඩු කර ඇති බව ය.
ඒ අනුව, එදින උදෑසන 9.00 සිට සවස 6.00 අතර කාලය තුළ විදුලිය කප්පාදු කෙරෙන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.
No comments:
Post a Comment