ඉදිරීයේදී ගෙවීමට ඇති ණය පියවා ගැනීම සඳහා චීනය තවත් ණයක් ලබා දීමට යෝජනා කර ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
මාධ්‍යවේදිනියක නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (අප්‍රේල් 26) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
නාලක ගොඩහේවා මහතා මෙහිදි ප්‍රකාශ කර සිටියේ, මේ වන විට මෙය මූලික සාකච්ඡා මටම් තිබෙන බව ත් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඉදිරියේදි පාර්ලිමේන්තුවේදි කරුණු දැක්වීමට නියමිත බව ත් ය.
"චීනය ලෝකෙ පුරා ම විවිධ රටවලට ණය දීලා තිබෙන නිසා ඒක රටකට පමණක් ඒ ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ගියොත් ඒක ඔවුන්ගේ අනික් රටවල්වලටත් බලපානව යි කියලා. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට අපේ දැනට තියෙන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්නට සූදානම් කියලා.”

No comments:
Post a Comment