Tuesday, 26 April 2022

බදු ඉහළ දැමීමට IMF උපදෙස් දෙයි: ජනතාව කබලෙන් ලිපට ම වැටෙයි ද? !


ශ්‍රි ලංකාව සිය ණය අර්බුදය විසඳීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය වැඩි කිරීම, බදු ඉහළ දැමීම සහ නම්‍යශිලි විනිමය අනුපාත අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා-පැසිෆික් කලාපයේ වැඩ බලන අධ්‍යක්ෂිකා ඈන්-මේරි ගුල්ඩ්-වුල්ෆ් පවසයි.

ඉන්ටනෙට් ඔස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඇය අද (අප්‍රේල් 26) මේ බව සඳහන් කර ඇත.

ඇය එහිදී සඳහන් කර ඇ ත්තේ , මෙරට ණය අර්බුදය පිළිබදව මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමග පසුගිය දා එලදායි තාක්ෂණික සාකච්ඡාවල නිරත වූ බව ය.

බදු ඉහළ දැමීම, නම්‍යශීලි විදේශ විනිමය අනුපාත අනුගමනය, මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම මගින් පවතින ණය අර්බුදයට විසඳුම් සෙවිමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව ඇය පෙන්වා දී ඇත.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දිමට නියමිත සමස්ත මූල්‍යාධාර පැකේජෙයේ වටිනාකම පිළිබඳව ඇය හෙළි නොකළ බව ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...