ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් ඉවත් වූ තරුණ මන්ත්‍රිවරුන් පිරිසක් කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත් කරන ලෙසට ජනතාව කළ ඉල්ලිම ජනාධිපතිවරයා ඉටු කර ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහ්වා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (අප්‍රේල් 26) කැබිනට් කිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදි ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් 150කින් යුත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් තිබූ අතර මන්ත්‍රිවරුන් 39 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් විම ත් සමග එය තරමක් දුරට බිඳ වැටුණු බව නාලක ගොඩහේවා මහතා පැවසිය.
"ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් විශාල පිරිසක් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වෙලා තරුණ පිරිසකට උගත් පිරිසකට අවස්ථාව ලබා දෙන්න කැමති වුණා. ජනතාව දිගට ම ඉල්ලපු දේ එවැනි සිද්ධ වෙලා තියෙනවා. "This is the system change that we have been allways talking about. This is the cabinet that people wanted so president have given that." ජනාධිපතිතුමා පවන් සාධනීය පියවරක් අරන් තියෙනවා. එතුමා මහනායක හිමිවරුන්ට යවපු ලිපියේ කියලා තියෙනවා අන්තර්වාර පාලනයක් අවශ්‍ය නම් එතුමා සූදානම් කියලා. කිසිශ්න ම දැඩි ස්ථාවරයක නැහැ ජනාධිපතිතුමා. එතුමා ඉතා ම නම්‍යශීලී වෙලා සිටිනවා රාජ්‍ය නායකයෙක් හැටියට."

No comments:
Post a Comment