රට මුහුණ දි ඇති ව්‍යසන තත්වයෙන් මුදා ගැනීම සඳහා දරන ප්‍රයත්නය දරාගත නොහැකිව ඇතැම් පිරිස් තමන් පිළිබඳව මඩ ප්‍රචාර සහ තර්ජන සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රිවරුන් 10 දෙනෙකු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
කේ. පී.එස්. කුමාරසිරි, සුදත් මංජුල, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නස්කර, ලලිත් එල්ලාවල, නීතිඥ උදයන කිරිඳිගොඩ, අකිල සාලිය එල්ලාවල, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කරුණාදාස කොඩිතුවක්කු, උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරුන් 10 දෙනා විසින් අදාළ නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ඔවුන් සඳහන් කරන්නේ, රට තුළ උද්ගත වී ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය කඩිනම්න් සමනය කිරීම සඳහා යෝජනාවලියක් ඉකුත් 19 වන දින තම අත්සන් ද සහිතව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයෙකු යටතේ නව අනතකාලීන සර්වපාක්ෂික කැබිනට්ටුවක් පත් කළ යුතු බව ඔවුන් එමගින් යෝජනා කර තිබිණි.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කළ බව ත් පසුව රජය සමග සිවී අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කළ බව ත් ඔවුහු සඳහන් කරති.
ඒ අනුව, තමන් යෝජනා කළ විසඳුම් වෙනුවෙන් ඉදිරි කාලයේදී එකඟතාවක් ගොඩනැගෙන්නේ නොමැති නම්, 69 ලක්ෂයක ජනවරම හා සමස්ත ලංකික ප්‍රජාව පෙරමුණ තබාගෙන රට වෙනුවෙන් හෘද සාක්ෂියට එකහව සින්දුවක් ගැනීමට නොපැකිළෙන බව එම මන්ත්‍රීවරුන් 10 දෙනා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ක් සඳහන් කර තිබේ.

No comments:
Post a Comment