අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුව ම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතර මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් ජනාධිපතිවරයා හමුවී දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඕනෑ ම පක්ෂයක මන්ත්‍රීවරයෙකු එකතු කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා අවස්ථාව ලබා දිය යුතු බව එම මන්ත්‍රීවරුන්ගේ මතය බව ය.
ජනාධිපතිවරයා හෙට (අප්‍රේල් 27) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරනු ඇති බව ත් එහිදී ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ආන්ඩුව නිර්මාණය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දිමට එම මන්ත්‍රීවරුන් සූදානම් බව ත් ඔහු පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව තුළ බහුතරය නිර්මාණය කර ගැනීමෙන් ඵලක් නොවන බව ය.
ඒ අනුව, ජනතා මතය නියෝජනය වන ආකාරයට පාර්ලිමේන්තුව සකස් කිරීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස එහිදි ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
"අගමැතිතුමා කියන්නේ ආණ්ඩුව නේ. අගමැතිතුමා, කැබිනට් මණ්ඩලය, රාජ්‍ය ඇමතිවරු සමස්ත පාලන තන්ත්‍රය ම අයින් වෙලා ජනාධිපතිතුමාට ඒ අවස්ථාව සලයා දෙන්න ඕනේ.”
තමන් ඇතුළු කැබිනට් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද (අප්‍රේල් 26) ජනාධිපතිවරයා මුණගැසී එම යෝජනාව ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසිය.

No comments:
Post a Comment