ජනාධිපතිවරයා දැන් සිටින්නේ "ප්‍රකෘති මානසික තත්වයක නොවන බව" ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ජනාධිපතිවරයා අත්තනෝමතිකව, උද්දච්චකමින් නායකත්වය බලහත්කාරයෙන් තබාගෙන සිටින බව අද (අප්‍රේල් 8) පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ ය.
අලි සබි මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන බවට ජනාධිපතිට ලිපියකින් දන්වා ඒ බව පාර්ලිමේන්තුවට ද දැනුම් දී තිබියදි ත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම භාර නොගැනීම හේතුවෙන් තවදුරට ත් සශ්‍රි මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කරන බවට ආණ්ඩුව විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් ම එය ප්‍රකට වන්නේ යැයි ඔහු පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, එලෙස රටේ නායකත්වය බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටිම රට තුළ බරපතළ විනාශයක් ඇති විමට මුල් වන බව ය.
රට තුළ මෙන් ම විදෙස්ගත ලාංකිකයින් මහමගට බැස විරෝධය දක්වමින් ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත්ව යන ලෙස පවසන්නේ ද එබැවින් යැයි ඔහු වැඩිදුරට ත් පැවසීය.
" අලි සබි ඇමතිවරයා මුදල් ඇමති විදියට කලින් දිවුරුමිදීලා එතුමා ම ඉල්ලා අස්වීමේ ලියුම දීලා මුදල් ඇමති කෙනෙක් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවට ත් දැනුම් දීලා දැන් කියනවා ඒ ලියුම ජනාධිපති භාර ගන්නේ නෑ කියලා. ඒ නිසා ඔහු තාම ඉන්නවා කියලා ප්‍රකෘති මනසක් තියෙනවා නම් මේ වගේ වැඩ කරයි ද? මනස හරියට වැඩ කරන්නේ නෑ කියලානේ මේ කියන්නේ . පැහැදිලියි නේ. ඒක මේ මුළු 225 ට ම තේරෙනවා. රටට ත් තේරෙනවා. ඒ නිසා දැන් ඉන්නේ ප්‍රකෘති මානසික තත්වයක නොවේ. උන්මන්තක උද්දච්ච මෙවැනි අත්තනෝමතිකව බලය පාවිච්චි කරලා රටේ නායකත්වය බලහත්කාරයෙන් තියාගෙන ඉන්න හදනවා නම් ඒක ම තමයි රටේ බරපතළ විනාශයකට මුල. ඒ නිසා දෙස් විදෙස් ලං නිකයින් පාරට බැහැලා කියන්නේ මේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා තමයි. අපිට පැහැදිලියි මේ ප්‍රශ්නයට උත්තරේ තියෙන්නේ එනන තමයි."
කාංචනා විජයබණ්ඩාර
No comments:
Post a Comment