ආර්ථික අර්බුදය හේතුවෙන් පිඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට තමිල් නාඩු රජය සූදානමින් සිටින බව තමිල් නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාට දැනුම් දී තිබේ.
'ද හින්දු පුවත්පත වාර්තා කළේ, ඔවුන් දෙදෙනා අතර පැවති දුරකතන සංවාදයක් අතරතුරදී මේ බව සඳහන් කර ඇති බව ය.
උතුර, නැගෙනහිර පමණක් නොව කොළඹ, යාපනය සහ කඳුරට වෙසෙන සියලු දෙමළ වැසියන්ට මෙම ආධාර ලබා දීමට සැලසුම් කර ඇති බව ඔහු පවසා තිබේ.
ඔවුන් සැලසුම් කර ඇති පරිදි ශ්‍රී ලංකාවට සැපයීමට සූදානම් කර ඇති ද්‍රව්‍ය වන්නේ, සහල්, ධාන්‍ය වර්ග, ජීවිතාරක් ක ඔප ශිධ ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකි.
එම ද්‍රව්‍ය තූත්තුකුඩියේ සිට නෞකාවකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව ද ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
එම ද්‍රව්‍ය කොළඹ සහ යාපනය ඉදිය කොන්සල් කාර්යාල හරහා බෙදා හැරිමට ද යෝජනා වී ඇත.
No comments:
Post a Comment