Friday, 8 April 2022

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගාලු මුවදොර පිටිය වසා ඇති බවට සඳහන් ප්‍රකාශ මේ වන විට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතී.

අදාළ ප්‍රකාශවල සඳහන් කර තිබුණේ, හෙට (අප්‍රේල් 9) පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් එම පිටිය වසා ඇති බව ය.

ඒ අනුව, ගාලු මුවදොර පිවිය භාරව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් විමසීමක් කළේ ය.

එහිදි එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ, ගාලු මුවදොර පිටිය සම්පූර්ණයෙන් වසා දැමිමක් සිදු කර නොමැති බව ය.

අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන කොටසක් පමණක් වසා ඇති බව ත් එම කොටස වසා දමා ඇත්තේ , මීට මාස කිහිපයකට ඉහත බව ත් ඔහු පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, ගාලු මුවදොර පිටියේ අලුතින් තණ පිඩලි ඇල්ලූ කොටසක් මෙලෙස වසා දමා ඇති බව ය.

කෙසේ වෙතත්, එහි සෙසු ප්‍රදේශය වෙත පිවිසීම සඳහා මහ ජනතාවට බාධාවක් නොමැති බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.

"මේක එහෙම කරපු එකක් නෙමෙයි. මේක දැන් මාස දෙක තුනක ඉදන් වහලා තියෙන්නේ.

හේතුව තමා අර ගෝල් ෆේස් තණ පිඩලි අල්ලලා තියෙන්නේ ළඟදී. එතකොට සාමාන්‍ය ජනතාවට අපි දීලා නැහැ. කොටසක් දීලා තියෙන්නේ. කොටසක් වහගෙන ඉන්නේ. දැන් බලන්න පුළුවන් පැහැදිලිව ම මහ ජනතාවට දීපු එකේ පාටයි, අපි පරිස්සම් කරගෙන ඉන්න එකේ පාටයි. එහෙම නැතුව ගෝල් පේස් එක වැහීමක් කරලා නැහැ අපි. "

ගාලු මුවදොර පිවිය වසා දමා ඇති බවට ෆේස්බුක්හි පළ වූ ප්‍රකාශයක්.



No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...