Tuesday, 26 April 2022

ඇමති... PUCSL කියන එක දන්නෙත් නෑ, බලශක්ති ඇමති කංචන විජේසේකරට PUCSL සභාපතිගෙන් හොඳ කනේ පාරක් !


අලුතින් එන යන ඇමතිවරුන් ප්‍රතිපත්ති හෝ ක්‍රියා පටිපාටි ගැන කිසිදු අවබෝධයක් නැතැයි ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද චෝදනා කළේ ය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ, බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පළ කර තිබූ විවිටර් පණිවුඩයක් පිළිබඳව මාධ්‍යවේදින් විමසූ අවස්ථාවේදි ය.

අමාත්‍යවරයා සිය විටර් ගිණුමෙහි සඳහන් කර තිබුණේ, ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කරන ලද ගාස්තු සංශෝධන සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිම් වූ බව ය.


මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොම්සමේ සභාපතිවරයා පැවසුවේ, දේශපාලන අධිකාරිය සහ අමාත්‍යවරුන් නිරන්තරයෙන් වෙනස් වුව ද, මහජන උපයෝගිතා කොමිසම් ස්වාධීන ආයතනයක් වන අතර මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව ක්‍රියාත්මක වන බව ය. 


ෆාදිලා තාසිම් 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...