Tuesday, 26 April 2022

“ගෑස් දෙන්න නම් මිල වැඩි කරන්න ම වෙනවා” – ලිට්‍රෝ නව සභාපති !


සාමාන්‍ය පරිදි ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට නම් මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ගෑස් අර්බුදය සම්බන්ධයෙන් අද (අප්‍රේල් 26) පැවති විශේෂ මාධ්‍ය හමුවකදි ය.

සභාපතිවරයා පෙන්වා දුන්නේ, සිය සමාගමට රුපියල් බිලියන 10ක බැංකු ණය ගෙවීමට ඇති බව ක් ගෙවුණු වසරේ ගෑස් ආනයනයේදී සිදුවූ පාඩුව රුපියල් කෝටී 2,400ක් බව ත් ය.

වෙළෙඳපොළේ ගෑස් අලෙව් කෙරෙන මිල, එම පාඩුවට හේතුව බව ඔහු පෙන්වා දුන්නේ ය.

එක් ගෑස් සිලින්ඩරයක් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට වැය වන මුදල රුපියල් 5,500ක් පමණ වුව ද මේ වන විට ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට නිකුත් කරන්නේ රුපියල් 2,500කට බව ඔහු පැවසීය.

සභාපතිවරයා සඳහන් කළේ, දෙනික ගෑස් ඉල්ලුම 100,000ක් පමණ වන බව ත් ඒ අනුව, දෙනිකව සිය සමාගමට සිදු වන පාඩුව රුපියල් කෝටි 25ක් පමණ වන බව ත් ය.

ඒ හේතුවෙන්, ගෑස් ආනයනය කිරීමට නම් මිල සංශෝර්ධනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔහු අවධාරණය කළේ ය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...