Thursday, 31 March 2022

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි ජනනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 6000 ක් ලබාදීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එකඟ වූ බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


මෙම ඩීසල් සඳහා රුපියල් ගෙවීමේ එකඟ වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

ප්‍රංශයේ  සිට තීරු බදු නොගෙවා  කිලෝ 1 යි,  ග්‍රෑම් 430 ක් බර රන් බඩු  මෙරටට රැගෙන ආ පුද්ලගලයකු අද (31) අලුයම  කටුනායක  ගුවන්තොටුපොළේ දී ගුවන්තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


මෙම රන් බඩු පැළද  මොහු  අද අලුයම  යු එල් 564  දරණ ගුවන් යානයෙන්   කටුනායක ගුවන්තොටු පොළය පැමිණ ඇති  බවත්, ගුවන්තොටුපොළ පොලිසිය ලද තොරතුරකට අනුව පැමිණීමේ පර්යන්ත  අසලදී වැටලීමක් සිදුකර මොහු අත්අඩංගුවට ගෙන ඇත.


රන්  දම්වැලක්, පෙන්ඩන්ට් එකක්, හා  අත් පළදනාවක් වශයෙන් මේවා පැළද පැමිණ සිටි බවද පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් සැකකරු යාපනය එලුවිල්  ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි පුද්ගලයෙකි.


වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරු රේගුව වෙත බාර දී ඇත


 ඉන්දිකා රාමනායක

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහබැංකුව තීරණය කර තිබේ.


ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.


ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ.


සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිලදී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් එහිදී නිරීක්ෂණය වී තිබේ.


ඒ අනුව 2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට බලයලත් මුදල් හුවමාරු කරන්නෙකු ලෙස මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල යෙදීමට තවදුරටත් අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම්දී ඇත.


තවද, මෙම අත්හිටුවන ලද කාල සීමාව තුළ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම සමඟ කරන ඕනෑම ගනුදෙනුවක් විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන බව ද මහජනතාවට දැනුම් දී ඇත.


මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සම්බන්ධයෙන් ස්ථානීය විමර්ශන තීව්‍ර කර ඇති අතර විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති උපදෙස්වලට අනුගත නොවන බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/අවලංගු කිරීමට ද කටයුතු කරනු ඇත



   
ඉතිහාසයේ පළමු වරට ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභෝගික ජනතාව පවසයි.

රුපියල් විස්සේ සිට රුපියල් පනහක් දක්වා විවිධ මිල ගනන් යටතේ අලවි වූ ආනයනික ඇපල් ගෙඩියක් සදහා මෙවැනි දැවැන්ත මිලක් වාර්තාවීම සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඇපල් අලවි කරුවන් කියා සිටියේ රජය මගින් ආනයනික ඇපල් සඳහා පනවා ඇති බදු මුදල් ඉහළ දැමිම හා පාලනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ වෙනදා මෙන් ඇපල් මිලදී ගැනීම සදහා පාරිභෝගිකයින් උන්නදුවක් නොදක්වන බවයි.
මේ අතර වෙළපොල තුළ ආනයනික දොඩම් ගෙඩියක මිල රුපියල් 90.00 ත් රුපියල් 100.00 මිලක් වාර්තා වන බව ද ව්‍යාපාරිකයෝ කියා සිටියහ.
පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ආනයනික පලතුරු වල මිල තවදුරටත් ඉහළ යා හැකි බව කියා සිටි ව්‍යාපාරිකයින් අවධාරණය කර සිටියේ විදේශීය හෝ දේශිය පලතුරු මිලදී ගැනීම් මාතලේ දිස්ත්‍රික්කයේ බොහෝ දුරට අඩුවී ඇති බවයි.

නාඋල - ඉන්දික අරුණ කුමාර

මේ වන විට ශ්‍රී ලංකාව තුළ රත්‍රං සඳහා ආයෝජනය විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් හා රන් ආභරණ නිෂ්පාදනය සඳහා රන් හිඟ වීම හේතුවෙන් රත්‍රං බාර්, බිස්කට්, හා කාසි ලෙස අලෙවිය හෙට්ටි වීදිය ආශ්‍රිතව තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වේ.

මේ අතර අද දිනයේ දී කොළඹ හෙට්ටි වීදියේ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 205,000 ක් සහ කැරට් 22 රන් පවුමක මිල රු. 189,600 ක් ලෙසින් වාර්තා වී තිබුණ ද වැඩිදුරටත් අනාවරණය වන්නේ එම මිලට රත්‍රං අලෙවියට කිසිදු තැනක නොමැති බවයි.

Wednesday, 30 March 2022


රට තුළ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් ඇතැම් විදේශිය නාලිකා විකාශය කිරීම තාවකාලිකව නවතා ඇතැයි PEO TV ආයතනය පවසයි.

සිය පාරිභෝගිකයින් වෙත නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මේ බව සඳහන් කර ඇත.

විදේශ මුදල් හරහා ගෙවීම් කිරීමේදී මුහුණ පෑමට සිදුව ඇති, සිය පාලනයෙන් බැහැරව පවතින දුෂ්කරතා හේතුවෙන් නාලිකා හවුල්කරුවන් විකාශන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

එහි වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ඒ පිළිබඳව PEO TV ආයතනය සිය පාරිභෝගිකයින්ට කනගාටුව ප්‍රකාශ කර ඇති අතර, හැකි ඉක්මනින් සේවාව යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බව ය.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.



පවතින විදුලි අර්බුදය සහ අඛණ්ඩව සිදු වන විදුලි කප්පාදුව හේතුවෙන් ඉන්ටර්නෙට් වේගය මන්දගාමී වී ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ් නියාමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, දුරකතන සන්නිවේදන කුළුණුවලට සම්බන්ධ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට ඩිසල් අවශ්‍ය බව ත් මේ වන විට අවශ්‍ය කුළුණුවලට ඩිසල් බෙදා හරිමින් සිටින බව ත් ය.

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ පැවසීය.

"විදුලිය විසන්ධි වූ අවස්ථාවක දුරකතන සන්නිවේදන කුළුණු ක්‍රියාත්මක කිරීම සදහා ජනක යන්ත්‍රවලට අවශ්‍ය ඩීසල් ලීටර් 10,000ක් මාර්තු 30 නිකුත් කළා. ඒ වගේ ම දුරකතන කුළුණු සඳහා ඩීසල් අවශ්‍ය ඕනෑ ම කෙනෙකුට ඕනෑ ම මොහොතක අපෙන් ඉල්ලන්න පුළුවන්, අවශ්‍ය පරිදි අපි ඩීසල් නිකුත් කරනවා

දැනට රෝහලට සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයට ඩීසල් ලබා දීමට ප්‍රමුඛත්වය දී ඇති අතර ඒ අනුව අපි ඩීසල් බෙදා හැරීමට කටයුතු කරනවා. ඩීසල් අඩංගු නෞකාවක් පසුගිය දා මෙරටට පැමිණ තියනවා එය පිළිවෙළින් හෙට දිනයේ වරායෙන් මුදා හැර බෙදා හැරීමට නියමිත යි."

මේ අතර, විදුලිය ඇණ හිටීම් මධ්‍යයේ වුව ද රටේ දුරකතන සම්බන්ධතා බාධාවකින් තොරව පවතින බව සහතික කිරීමට විදුලි සංදේශ කොමිෂන් සභාව පියවර ගන්නා බව ඔහු වැඩිදුරට ත් පැවසීය.


ඉයුනිස් රූත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව

දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරිමට නිර්දේශ කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, එම නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරියේදි තීන්දුවක් ගත හැකි බව ය.

එවැනි තීන්දුවක් ගතහොත් ඊට මුහුණ දිමට වෘත්තීය සමිතිවලට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

"ඒ වාර්තාවේ තියෙනවා සමහරක් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතු යි කියල. මගේ දුම්රිය අමාත්‍ත් ඒකෙ තියෙනවා. දැන් පේනවා නේ අතිකාල පොඩ්ඩක් එහෙමෙහෙ වුණා ම කරන ඒවා. එතකොට ඉතින් IMF එකේ තියෙන ඒවා කරන්න අපි තීන්දුවක් ගන්න පුළුවන්. ඒවට එහෙනම් ඒ කණ්ඩායම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා."



බරපතළ ආර්ථික අර්බුදයෙන් මිදීමට උත්සහ කරමින් සිටින ශ්‍රී ලංකාවට "නිසි වේලාවට සහය වීම ඉතා වැදගත්" බැවින්, ලබා දෙන සහය කඩිනම් කිරීම සඳහා ඉන්දියාව "අතිකාල" වැඩ කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි.

ඉදිය මාධ්‍ය වාර්තා කළේ, සිය තෙදින නිල සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවේ සිටින ඉන්දිය මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් මාර්තු 30 ඔහු මේ බව ප්‍රකාශ කළ බව ය.

"මේ වගේ තත්වයක් තුළ සාමාන්‍ය වේගයකින් දේවල් කරන්න බැහැ. සෑම දෙයක් ම වේගවත් විය යුතු යි. අපි අතිකාල වැඩ කරනවා. මීට පෙර සති කිහිපයක් ගත වුණු කටයුතු සඳහා දැන් ගත වෙන්නේ දින කිහිපයක්."

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාවට ලබා දිමට පසුගිය දා එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දියානු ණය පහසුකම "ඉතා ඉක්මනින්” ක්‍රියාත්මක වනු ඇති බව ය.

"අපි ශ්‍රී ලංකාවේ අර්බුදයට සහය වෙන්නේ දේශපාලනයෙන් බැහැරව බුද්ධිමත්, අසල්වැසියෙකු මෙන්."

ඔහු ප්‍රකාශ ප්‍රකාශ කර ඇත්තේ, ඩොලර් මිලියන 400ක ඉන්දීය මහ බැංකු මුදල් හුවමාරුව, ඩොලර් මිලියන 500ක ණය නැවත පියවීම කල් දැමීම, ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක ණය පහසුකම සහ අමෙරිකානු ඩොලර් බිලියන ණය පහසුකම් මෙම වසරේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් පහසුකම් අතර වන බව ය.

"අපි මීට පෙර කිසි ම රටක් වෙනුවෙන් මෙවැනි පියවරක් තැබූ බවට මට මතක නැහැ. ස්වාභාවික විපත් හෝ වසංගතවලදී අපි රටවල්වලට උදව් කළා. නමුත් මේක වෙනස්. ශ්‍රි ලංකාවේ "අවශ්‍යතා වැඩි" බව පිළිගනිමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දියාවේ පෞද්ගලික අංශයේ ආයෝජන ඇතුළු මෑත කාලින ද්විපාර්ශ්වික ගිවිසුම් "ශ්‍රී ලංකාවේ සමස්ත තත්ත්වය ශක්තිමත් කර" ඇති බව ය.



තාරක සම්මාන්



වර්තමානයේ පවතින විදුලි අර්බුදයට වගකිවයුතු ආයතනවලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, මාර්තු 31 හෝ අනිද්දා (අප්‍රේල් 1) දිනයේදී මේ සම්බන්ධයෙන් නෙතික ක්‍රියාමාර්ග ගන්නා බව ය.

මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

"මෙම තත්වයට විදුලි පාරිභෝගිකයින් පත් කිරීම ගැන ඊට වගකිව යුතු ආයතනවලට විරුද්ධව වෘහජන උපයෝගිතා කොමිසම් හෙට හෝ අනිද්දා දිනයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි හැම වෙලේ ම පාරිභෝගිකයාගේ පැත්තේ ඉන්නේ. ඒ පාරිභෝගිකයින්ට ඇති වෙලා තියෙන අපහසුතාව යම්තාක් දුරට අඩු කර ගැනීමට එයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඒ අදාළ ආයතනවලට මුදල් සපයා දිය යුතු ආයතනවලට, විදුලිය නිපදනවන ආයතනවලට, අමාත්‍යාංශවලට, සියලු ම දෙනාට විරුද්ධව මහජන උපයෝගිතා කොමිසම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නැහැ.

මාස ගාණක් අවුරුදු ගාණක් මේ තත්ත්වය පැහැදිලි කරනවා සියලු ම ආයතනවලට ඒ තත්වය ඉක්මනින් විසඳා ගැනීමට අවශ්‍ය සියලු ම කටයුතු කරන බවට මහ ජනතාවට දැනුම් දෙනවා."



අමරා ලියාගත්


 


ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ දැමීම සඳහා වන ඉල්ලිමක් මුදල් අමාත්‍යාංශය හරහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙයාර ජයසිංහ මහතා පවසයි.

මාර්තු 30 දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව ගෑස් මිල විශාල අගයකින් ඉහළ යා හැකි බව ය.

ඔහු සඳහන් කළේ, රට තුළ පවතින ඩොලර් හිඟය මත ඇති වී තිබෙන ගැටලු සහ ආයතනය අලාභ ලැබීම හේතුවෙන් ගෑස් මිල ඉහළ දැමීමට සිදු වන බව ය.

ලිට්‍රෝ සමාගම මේ වන විට රු. බිලියන 4.5ක පමණ අලාභයක් ලබා ඇති බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, මෙරටට ගෙන ඒම සඳහා විදෙස් රටවල්වලින් ගෑස් නැව්ගත කරන අවස්ථාවලදී ම නෞකාවලින් රු. මිලියන 1500 - 1600 ත් අතර අලාභයක් සිදු වන බව ය.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දෛනික අවශ්‍යතාවට වඩා ගෑස් සිලින්ඩර් 30,000ක් පමණ මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ය.

මේ අතර, පසුගිය දින 10ක කාලය තුළ මිලියනයකට ආසන්න සිලින්ඩර් තොගයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ඔහු පැවසිය.

ඔහු සඳහන් කළේ, අද දිනය තුළ සිලින්ඩර් 120,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ය.

එමෙන් ම අප්‍රේල් මාසය වන විට ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ක් ඇණවුම් කිරිමට ණයවර ලිපි නිකුත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, ඉදිරියේදි ආනයනය කිරීමට නියමිත ගෑස් අදාළ රටවල තානාපති කාර්යාල හරහා සෘජුව ම ඇණවුම් කිරිමට ද ඇතැම් ඇණවුම් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ද සිදු කිරීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු පැවසිය.


කාංචනා විජයබණ්ඩාර



විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම සහ ජලාශවල ප්‍රමාණවත් පරිදි ජලය
නොමැති වීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක කෙරෙන විදුලි කප්පාදු කිරීම් ඉදිරියේදී පැය 15ක් දක්වා පමණ ඉහළ යා හැකි යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මින් ඉදිරියේදී විදුලිය කප්පාදු කරන වේලාවන් ප්‍රකාශ කරනවාට වඩා විදුලිය ලබා දෙන වේලාව පැවසීම වඩා පහසු වනු ඇති බව ය.

එබැවින් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන හැකිතාක් ඉක්මනින් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර එසේ වුවහොත් පමණක් විදුලි කප්පාදු කිරීම් හැකිතාක් අවම කිරීමට හැකි වනු ඇති බව ත් ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ඉන්ධන බලාගාරවල ධාරිතාව මෙගාවොට් 1700 ක් පමණ වුව ද මේ මොහොත වන විට ඉන්ධන නොලැබීම හේතුවෙන් නිෂ්පාදනය කිරිමට හැකියාව ඇත්තේ මෙගාවොට් 1000ක ධාරිතාවක් පමණක් බව ය.

නමුත් මෙරට දිනක් තුළ රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2800ක් බව ද ඔහු පැවසීය.

එමෙන් ම ජලය නොමැතිකමින් ජල විදුලි බලාගාර හරහා ලබා දීමට හැකිව ඇත්තේ දහවල් කාලය සඳහා මෙගාවොට් 300ක් සහ රාත්‍රී කාලය සඳහා මෙගාවොට් 700ක් පමණක් බව ද ඔහු පැවසීය.

මේ අතර එළඹෙන අලුත් අවුරුදු සමයේදි පවා ජනතාවට අඳුරේ ම හිඳින්නට වේ දැයි එම අවස්ථාවේදි මාධ්‍යවේදියෙක් ඔහුගෙන් විමසීය.

ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.

මාධ්‍යවේදියා - "අවුරුදු සමයේ ජනතාවට අඳුරේ ම ඉන්න සිදුවෙයි ද?"

සභාපතිවරයා -

"හෙල් නොලැබුණින්, වැස්සේ නැති වුනොත් පැහැදිලිව ම අඳුරේ ඉන්න වෙයි. විදුලි බල මණ්ඩලයක් තියෙනවා නම් ජනතාවට විදුලිය නැති වෙනවා නම් ඒ විදුලි බලය මණ්ඩලය මොකට ද? කියන එක ලොකු ගැටලුවක්. හැබැයි මේක තනියම විදුලි බල මණ්ඩලයට පවරන්න බෑ. අදාළ අමාත්‍යාංශයක් තියෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව තියෙනවා. මුදල් අමාත්‍යශය තියෙනවා. මේ සියලු දෙනාගේ එකමුතුව හරිහැටි ක්‍රියාත්මක නොවුණොත් මේවා ක්‍රියාත්මක කරන්න බෑ"

මේ අතර, එළඹෙන අප්‍රේල් මාසය වන විට ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඉන්ධන ලැබීමට නියමිත බැවින් අලුත් අවුරුදු සමය වන විට ගැටලුවකින් තොරව ඉන්ධන සැපයීම සිදු කළ හැකි වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

අද (මාර්තු 30) දින ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

එහිදි ඔහු ප්‍රකාශ කළේ, පසුගිය ජනවාරි මස සිට මාර්තු මස දක්වා වන මාස තුනක කාලය තුළ පමණක් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1ත් 1.2ත් අතර මුදලක් වැය වී ඇති බව ය.

රට තුළ අසිමිත ඉන්ධන පරිභෝජනයක් සිදු වන අතර එබැවින් මෙම වසර පුරාවට ම ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 5 ක පමණ මුදලක් වැය වනු ඇතැයි ඔහු වැඩිදුරට ත් පැවසිය.


කාංචනා විජයබණ්ඩාර



ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරිම සඳහා දිගු කාලින කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති සිංගප්පූරුවේ Vitol Asia Pte Ltd සමාගම ශ්‍රී ලංකාව තුළ කිහිප වරක් අසාදු ලේඛනයට ඇතුළත් කරන ලද සමාගමක් බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කරයි.
ඔහු ප්‍රකාශ කළේ, පෞද්ගලික ලාභ වෙනුවෙන් වත්මන් රජය තීන්දු තීරණ ගන්නා බවය.

"නිකම් දෙනවා නම් ඕනේ එකක්. ණයට දෙනවා නම් ඕනේ එකක්. වෙනස තියෙන්නේ ඔය ණය ගන්නකොට දෙන කොමිස් එක මොකක් ද කියලා බලන්න ඕනේ. ඇත්තට ම ඔය යන්නේ දැන් බිස්නස්. තෙල් අවශ්‍යතාව නෙමෙයි. වළකට වැටුණට පස්සේ මොළේට හොඳ වුණාට වළකට වැටුණා ම මේ ගොල්ලොන්ගේ සාක්කුවට හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ වළකට වැටෙන එක මොළේට හොඳයි කියලා නේ. වැටුණේ මොක ද කියලා තේරුම් ගන්න. රට වළකට වැටුණා ම ඒගොල්ලන්ගේ සාක්කු පුරවා ගන්නවා. බිලැක්ලිට් වෙච්ච කොමීනි. දැන් කවු ද කියලා දන්නේ නෑ. කොහොම ද එන්නේ දන්නේ නෑ ඒගොල්ලෝ විතරයි අරන් තියෙන්නේ කියලා දන්නවා. මීට කලින් අර ගත්ත වෙලාවේ වෙච්ච දේවල් මතක නැහැ." සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ය.

අසාදු ලේඛනයෙන් ඉවත් කර ගැනීමට සමාගම දුහු මුදල

පළමු වරට මෙම සමාගම් 2009 වසරේදී අසාදු ලේඛනයට ඇතුළත් කර තිබුණු අතර පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2011 වසරේ ජූලි මස 27 වන දා අමෙරිකානු ඩොලර් 150000ක මුදලක් ලබා දී ඇති අතර පසුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් එම සමාගම යළිත්

ලේඛනගත කර තිබුණු බව 2012 වසරේදී සිදුවූ බාල ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් සකස් කළ විගණන වාර්තාවේ සඳහන් වේ.

2011 වසරේ බාල ඉන්ධන යෙදීමෙන් රථවාහන රැසක් කාර්මික දෝෂවලට ලක්වීමෙන් පසුව යළිත් එම වසරේ අගෝස්තු මාසයේදි Vitol Asia Pte Ltd සමාගම, එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ උපදෙස් මත අසාදු ලේඛනයට ඇතුළත් කළ බව fuelsandlubes.com වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එහිදි, බාල ඩිසල් යෙදීම නිසා දුම්රිය එංජින් 36ක්, වරායේ දොඹකර 18 ක්, පෞද්ගලික බස් රථ 150ක්, ලංගම බස් රථ 50ක්, තැපෑලේ වාහන 26ක් ක්‍රියා විරහිත වී ඇති බවට මෙරට මාධ්‍යවල පළවි තිබේ.

වර්ෂ 2011 ජූනි මාසයේදී බාල පෙට්‍රල් නිසා වාහන මග නතරවීමක් සිදු වූ අතර එම වාහනවලට අලාභ ගෙවිම ද සිදු විය. ගෙවූ වන්දි මුදල් ප්‍රමාණය රුපියල් දෙකෝටි විසිලසඝ යක් බව සඳහන්වේ. එම බාල පෙට්‍රල් ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 49ක් බව ඛනිජ තෙල් සංවර්ධන ඇමති සුසිල් ප්‍රේම්භයන්ත මහතා පත් කරන ලද නිරීක්‍ෂණ කමිටු වාර්ත කර තිබූ බව සඳහන් විය.

මේ අතර, Vitol Asia Pte Ltd සමාගම යුරෝපයේ සහ ලතින් අමෙරිකානු රටවල් කිහිපයක ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා අල්ලස් දීමට උත්සහ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

බලශක්ති ඇමතිගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් අපි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසීමක් කළෙමු.

ඔහු ප්‍රකාශ කළේ, 2009 වසරේදී පමණක් මෙම සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කර තිබූ බවත් පසුව යළි ලැයිස්තු ගත කළ බවත් ය.

මෙවර ඉන්ධන සැපයීම සඳහා ඉල්ලුම් කර තිබුණේ, සිංගප්පූරුවේ Vitol Asia Pte Ltd සමාගම පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරිම සඳහා සිංගප්පූරුවේ Vitol Asia Pte Ltd සමාගමට දිගු කාලින

කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බව අද (ඔක්. 26) කැබිනට් තීරණ දැනුම් දිම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව එළඹෙන 2022 වසරේ ජනවාරි මස 1 වන දා සිට අගෝස්තු මස 31 වන දා දක්වා වන මාස 8ක කාලය සඳහා ප්‍රදානය කිරීමට නියමිත ය.

ඒ අනුව, උපරිම සර් ප්‍රතිශතය 0.05 බැරල් 1,137,500ක් සහ බැරල් ඩිසල් උපරිම සර් ප්‍රතිශතය 0.001 බැරල් 262,500ක් ආනයනය කිරිම සඳහා අදාළ අනුමැතිය හිමිව තිබේ.

එමෙන් ම, අදාළ මාස 8ක කාල සිමා තුළ පෙට්‍රල් ආනයනය සඳහා ද පෙට්‍රල් 92 බැරල් 1,341,00 ක් සහ පෙට්‍රල් 95 බැරල් 459,000ක් අදාළ සමාගමෙන් ආනයනය කිරීමට ද අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කර ඇති යෝජනා අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට සිය රාජකාරි කටයුතු කරගෙන යාමට අද (මාර්තු 30) සහ හෙට (මාර්තු 31) අවස්ථාව සලසා දෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රජයට මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ය.

විදුලිය විසන්ධි කෙරෙන කාලය තුළ කාර්යාල කටයුතු කරගෙන යාම සඳහා විදුලිය අවශ්‍ය වන අතර එහිදී විදුලි උත්පාදනය කිරීමට විදුලි ජනන යන්ත්‍ර භාවිත කෙරෙන බව ත් ඊට ඩීසල් අවශ්‍ය බව ත් ඔහු සඳහන් කළේ ය.

ජනක රත්නායක මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, මෙලෙස විදුලි ජනනය සඳහා ඩිසල් ලබා දීමෙන් පාරිභෝගිකයින්ට අවශ්‍ය ඩිසල් ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ය.


අමරා ලියාගත්



මේ වන විට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි, දැඩි රන් හිඟයක් පවතින බව වාර්තා වේ.


වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ අද (30) දිනයේ දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 24 ක රන් පවුමක මිල රු. 200,000 ක් හා කැරට් 22 රන් පවුමක මිල රු. 185,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.


කෙසේ වෙතත් රන් ආභරණ වෙළෙඳුන් පවසන්නේ එම මිල ගණන්වලට ද අලෙවියට රත්‍රං නොමැති බවයි.


අවශ්‍ය නම් පාරිභෝගිකයන් අවශ්‍ය රත්‍රං සපයන්නේ නම්, රන් ආභරණ සාදා දීමට පමණක් හැකි බව ඔවුන් කියා සිටී.


 

‘තේ පැන් දින දින රස වැඩි වේ. බීමෙන් සිරුරට සැප වැඩි වේ.’ මේ අපූරු ගීතය මීට දශක කිහිපයකදී නිතර ඇසුන ගීතයකි. අපට ඒ ගීතය යළි සිහිවූයේ තේ පානය, ගී‍්‍රන් ටී හා ගොටුකොළ පානය මිනිස් සිරුරට මොනතරම් නම් වැදගත් දැයි කල්පනාවට ගත් පසුවය.


ශී‍්‍ර ලංකාවේ අප තේ පානයට හුරු වූයේ ඉංගී‍්‍රසිත් මේ රටේ තේ වගා කරන්නට ගත් පසුවය. දැන් අප දිනකට තුන් හතර වතාවක්වත් තේ පානයට හුරුව සිටිති.


තේ වල මිනිස් සිරුරේ නිරෝගිමත්කමට බලපාන වැදගත් සංඝටක රැසක් අඩංගුව ඇත. එහෙත් සීනි මුසුකර පානය කරන සාමාන්‍ය තේවලට වඩා ගී‍්‍රන් ටී සිරුරට මහඟු පල ගෙන දෙන බව දැන් ලොව පුරා සිදුකර ඇති පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබේ. ඒ අනුව ගී‍්‍රන් ටී පානය කරන්නේ නම් මිනිස් සිරුරේ හටගන්නා රෝගාබාධ රැසකට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් ස්වභාවිකවම සිරුර තුළ ඇති කළ හැකි බව ඔප්පු වී තිබේ. විශේෂයෙන් හදවත් රෝගීන්ට ගී‍්‍රන් ටී පානය ඔසුවකි.


මේ සම්බන්ධව ජපන් පර්යේෂකයන් අපූරු පර්යේෂණයක් සිදු කරනු ලැබීය. හදවත් රෝගීන් 40,000ක පිරිසක් සහභාගි කරගත් 2006 වසරේදී සිදුකළ මෙම පර්යේෂණයෙදී තහවුරු වූයේ ගී‍්‍රන් ටී පානය කිරීමේදී හදවත් රෝගීන්ගේ මරණ අනුපාතය පහළ යන බවය. මෙම පර්යේෂණයට ලක් කළ හදවත් රෝගීන්ට දිනකට ගී‍්‍රන් ටී කෝප්ප පහක් පානය කරන්න සලස්වමින් දීර්ඝ කාලයක් ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණවලින් තහවුරු වුණේ හදවත් රෝගය නිසා මියයන ප‍්‍රමාණය සැලකිය යුතු ගණනකින් අඩුවන බවය. එමගින් තහවුරු වන්නේ හදවත් රෝගීන්ට ගී‍්‍රන් ටී පානය ඉතා යෝග්‍ය වන බවයි.


මීට අමතරව ගී‍්‍රන් ටීවල ඇති අනෙක් වැදගත්ම කාරණය වන්නේ එහි ඇති කැටකීන් සහ කැෆීන් යන සංයෝග ද්විත්වයෙන් මිනිස් සිරුරේ බර අඩුකර දැමීමයි. ගී‍්‍රන් ටී පානය කිරීමෙන් සිරුරේ අනවශ්‍ය බර අඩුකර සැහැල්ලූ, නිරෝගී සිරුරක් ලබාගත හැකි බව විද්‍යාත්මක පරීක්ෂණවලින් පෙනීගොස් ඇත.


අපේ රටේ මිනිසුන් විවිධ නිධන්ගත රෝගවලට ගොදුරුවීමේ විශාල ප‍්‍රවණතාවක් ඇත. විශේෂයෙන් හදවත් රෝගවලට ලක්වන පිරිස වැඩිවෙමින් තිබේ. ඊට හේතු කාරණා බොහොමයකි. මෙරට රෝහල්වලට දිනකට එන හදවත් රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමට තරම් ප‍්‍රමාණවත් පහසුකම් ද අප සතුව නැත. ලෝකයේ අනෙක් රටවල් ද මේ තත්ත්වය හමුවේ විවිධ පරීයේෂණ සිදු කරමින් විකල්ප සොයන්නේ එහෙයිනි. ගී‍්‍රන් ටී වැනි ස්වභාවික ආහාරමය පානයන් මගින් හදවත් රෝග අවදානම අඩුකර ගැනීම මේ සඳහා හොඳම විසඳුමකි.


ආහාර පාන සම්බන්ධව විවිධ පර්යේෂණ සිදුකරන ලොව විවිධ පර්යේෂකයන් විසින් මේ වනවිට ගී‍්‍රන් ටී පානයේ යහගුණ වැඩි වන නව හඳුන්වාදීමක් සිදුකර තිබේ. එයින් එක ක‍්‍රමයක් වන්නේ ගී‍්‍රන් ටී සමග වෙනත් ඖෂධීය ස්වභාවික ශාකමය ද්‍රව්‍ය පරිභෝජනයට ගැනීමයි. ශී‍්‍ර ලංකාවේ ජනතාව අතර ඖෂධීය සහ රසවත් අහරක් ලෙස ප‍්‍රචලිතව ඇති

ගොටුකොළ වැනි පලා වර්ගයක් මුසු කර ගී‍්‍රන් ටී පානය කළ හැකි නම් එය වඩා වාසිදායක වනු ඇත.


ගොටුකොළ සහ ගී‍්‍රන් ටී මිශ‍්‍ර පානයක් ලෙස ගැනීමට අපට ඕනෑතරම් පහසුකම් ඇත. ගම්වල ඕවිටිවල මෙන්ම ගෙවත්තේ ඇවිද බලන විට ගොටුකොළ මිටියක් දෙකක් සොයා ගැනීම අපට අමාරු කාරියක් නොවේ. එසේ නොමැති වුවත් මේ රටේ එළවළු වෙළෙඳසැලකින්, සති පොළකින් වුවද පිරිසිදු ගොටුකොළ මිටියක් දෙකක් මිලදී ගත හැකිය. ගොටුකොළ, සම්බෝල ලෙස අනුභව කරනු වෙනුවට ගී‍්‍රන් ටී සමග ගොටුකොළ මිශ‍්‍ර පානයක් ලෙස ගැනීම මගින් සිරුරට ලැබෙන පෝෂ්‍ය සහ ඖෂධීය ගුණය තීව‍්‍ර කළ හැකි වනු ඇත.


ගොටුකොළවල ඇති ස්වභාවික කි‍්‍රයාකාරී සංඝටකවල තිබෙන ඉහළ ප‍්‍රතිඔක්සිකාරක ගුණය හා මොළයේ නියුරෝන සයිල සමග සෘජුවම කි‍්‍රයාකිරීමේ හැකියාව නිසා මොළයේ ජීවි විද්‍යාත්මක කි‍්‍රයාකාරීත්වය ඉහළ මට්ටමක දීර්ඝ කාලයක් තබාගැනීමට හැකි බව පර්යේෂණ මගින් විද්‍යාත්මකව පවා තහවුරු කර තිබේ. එලෙසම මොළයේ ලේ කැටි සිර වීම නිසා ඇතිවන සංකූලතා මඟහරවා ඉහළ සංජානන හැකියාවක් වර්ධනය කිරීමට ගොටුකොළවල ඇති සංයෝග ඉවහල් වේ. මේ අනුව දිනපතා ගොටුකොළ පානයක් ලෙස සිරුරට ලබාගැනීමෙන් මතක ශක්තිය වර්ධනය සිදුවේ. එමෙන්ම සමේ පැහැපත් භාවයක් ඇති කිරීමට ද ගොටුකොළවලට හැකියාවක් පවතී.


මේ අනුව ගී‍්‍රන් ටීවලට ගොටුකොළ මුසුකර පානය කිරීමෙන් එදිනෙදා තේ පානය වඩාත් සෞඛ්‍යසම්පන්න පානයක් බවට පත්කරගත හැක. බොහෝ අන්තර්ජාතික පර්යේෂණ මගින්ද තහවුරු වී තිබෙන්නේ ගී‍්‍රන් ටී පානයත්, ගොටුකොළ පානයත් මිනිසාගේ සෞඛ්‍යය දිරිමත් කර නිරෝගී කරන බවයි. එහි පෝෂ්‍ය ගුණය හා ඉන් මිනිස් සිරුරට යහපතක් මිස කිසි ලෙසකින් අගුණක් නොවන බව සහතිකව කිව හැකිය. මිනිස් සිරුරට තේ පානය ගුණදායකය. කාර්යබහුලත්වය නිසා කාලය වෙන්කර ගත නොහැකි අයට නිරෝගිමත් දිවියකට මෙකී පානයන් මහෝපකාරී වන වග නිසැකය. අවුරුදු සියයට එකසිය විස්සක් ආයුබෝ වේවා කියා ප‍්‍රාර්ථනා කළ පරිදි නිරෝගී මිනිසුන්ගෙන් පිරි සමාජයක් යළි නිර්මාණය කිරීම අපගේ අරමුණය.


(කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි.)

 


හොලිවුඩ් නළු විල් ස්මිත් විසින් ප්‍රහසන නළු ක්‍රිස් රොක් ට 94 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී පහරදීම කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිද්ධියකි.


නමුත් එම පහරදීම සම්බන්ධයෙන් විල් ස්මිත් විසින් ක්‍රිස් රොක් ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.


මේ අතර ඔස්කාර් සම්මාන උළෙලේ සංවිධායකින් පැවසුවේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් පරීක්ෂණයක් ආරම්භ කරන බවය.


ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් නිකුත්කරමින් ස්මිත් පවසා ඇත්තේ සම්මාන උළෙලේදී ඔහුගේ හැසිරීම "පිළිගත නොහැකි සහ සමාවදිය නොහැකි" බවය.

 

"මම ක්‍රිස්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නවා. මම සීමාව ඉක්මවා ගියා. මම වැරදියි," ඔහු පවසයි.


පසුගිය ඉරිදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී සිය බිරිඳගේ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් හාස්‍ය සහගත ලෙස අදහස් ප්‍රකාශ කරමින් සිටි රොක්  ට ස්මිත් කනේ පහරක් ගැසීය.


ස්මිත් ගේ බිරිඳ හිසකෙස් ගැලවීයාමේ රෝගී තත්ත්වයකින් පෙළෙන අතර එබැවින් ඇය හිස මුඩුකර සිටින්නීය.


ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රොක් පැවසුවේ ජෙඩා "G.I. Jane" චිත්‍රපටයේ චරිතය මෙන් බවය.


එම චිත්‍රපටයේ රඟපෑ ඩෙමි මොර් හිස මුඩුගා සිය චරිතයට පණ පෙව්වාය.


තම බිරිඳගේ රෝගී තත්ත්වය ගැන නිවේදකයා ලෙස කටයුතු කළ ක්‍රිස් රොක් උපහාසාත්මක ලෙස කථා කිරීම ගැන තමාට තරහ ගිය බව ස්මිත් පැවසීය.


"මා සම්බන්ධයෙන් විහිලු කිරීම මගේ වෘත්තියේ කොටසක්. නමුත් ජෙඩා ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විහිලු කිරීම මට දරාගත නොහැකි දෙයක් එහිදී මම සංවේදීව ප්‍රතිචාර දැක්වූවා."


"මම මගේ ක්‍රියාව ගැන ලැජ්ජා වෙනවා."


මේ අතර ඔස්කාර් සම්මාන සංවිධානය කරනු ලබන Academy of Motion Picture Arts and Sciences පැවසුවේ ඔවුන් එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරන බවය.


ඔවුන් ස්මිත් ගේ ක්‍රියාව අනුමත නොකරන බව පවසයි.


මේ අතර මෙම ආන්දෝලනාත්මක පහරදීම හේතුවෙන් විල් ස්මිත්ට ලැබුණු හොඳම නළුවා සම්මානය අහිමි වීමේ ඉඩක් ඇතැයි ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.


හෙට (31) දිනයේ පැය 13ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.


ඒ අනුව හෙට අලුයම 3 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා කාලය තුළ පැය 4 සිට උපරිම පැය 6 දක්වා කාලසීමාවකට යටත්ව අවස්ථා කිහිපයකදී දිවයින පුරා මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.


පැය 13 ක් කපලා , මිනිස්සු නිදාගන්න පැය 11 ට විතරක් කරන්ට් එක දුන්නාම රට ගොඩක් දියුණු වෙයි. නිෂ්පාදන වැඩිවෙයි. අපනයනය දියුණු වෙයි. සංචාරකයෝ ගඟ ගැලුවා වගේ එන් ගනී. ඩොලර් වැසි වසී. 

හැබැයි අනිවාර්යයෙන් මේ මූසල ආණ්ඩුව නම් ඉක්මණින් නැති බංගස්ථාන වෙයි.

ජන්ද දායකයිනි, අමතක කරන්නෙපා. ආයෙත් ජන්ද පොළට යන දවසක අපිව නොමරා මරපු මේ හැතිකරේ ගැන හොඳට මතක තියා ගනිල්ලා... ගෑවුණ එකෙකුටවත් කතිර ගහන්ඩ හිත හදා ගන්ඩ එපා.

මැද පෙරදිග රටවල ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් ගණිකා ව්‍යාපාර සඳහා යොදවන සංවිධානාත්මක තැරවුකාර ජාලයක් පිළිබඳ විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය කරා පිටත්ව ගොස් ති​බේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම පරීක්ෂණ සිදුකරයි.


ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන හා තැරවුකරුවන් මගින් මෙරට කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවක් ඩුබායි, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට ගෘහ සේවයට යවන බව කියා අසරණ කර බොහෝ කාන්තාවන් ගණිකා ව්‍යාපාරවල යොදවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.


සංචාරක වීසා මත ඩුබායි සහ ඕමාන් යන රාජ්‍යයන් වෙත යවා ඇති එම කාන්තාවන් ගණිකා වෘත්තීය, සම්භාහන මධ්‍යස්ථාන ඇතුළු මිනිස් වෙළෙඳාමට හා ජාවාරමට ලක්වන රැකියා සඳහා යොමුකර තැරැවුකරුවන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගන්නා බව ද අනාවරණය වී තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්. සමරකෝන්ගේ මෙහෙයවීම මත මීට අදාළ විමර්ශන කටයුතු සිදුවේ. මේ ආකාරයෙන්ම උස්බකිස්තාන සහ ඉන්දුනීසියාව වැනි රටවල කාන්තාවන් සංචාරක විසා මත මෙරටට ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවූ ජාවාරමක් ද මෙම විමර්ශන කොට්ඨාසය මගින් මීට මාස කිහිපයකට පෙර අනාවරණය කර ගත්තේය.


එෆ්.අස්ලම්


පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට ජාතික සභාවේ බහුතරය අහිමි වී ඇති බව වාර්තා වේ.


ඊට හේතු වී ඇත්තේ, ඔහුගේ Tehreek-e-Insaf පක්ෂයට සහාය දුන් Muttahida Qaumi Movement Pakistan කණ්ඩායම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සමග එකතුව කටයුතු කිරීමය.


විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඉම්රාන් ඛාන් ට එරෙහිව එම පක්ෂ එකතුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගෙන ඇති බවය.


එම විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම අප්‍රේල් 3 වනදා පැවැත්වීමට නියමිතය.


අද සිදුවී ඇති වෙනසත් සමගම පාකිස්තානයේ ඒකාබද්ධ විපක්ෂයට මේ වනවිට පාර්ලිමේන්තුවේ ආසන 177ක් හිමිව තිබේ.


නමුත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ඉතිරිව ඇත්තේ ආසන 164ක් පමණි.


පාකිස්තාන ජාතික සභාවේ ආසන 342ක් ඇති අතර, එහි බහුතරය ලබාගැනීම සඳහා ආසන 172ක් හිමිව තිබිය යුතුය.

ඔබේ විරෝධය අරන් මහ පාරට එන්න.

හැට නම ලක්ෂය වුණත් ඊට විරුද්ධ මති මතාන්තර තිබ්බත් මුළු රටේම මිනිසුන් විඳින්නේ එකම දුක.

ඒ හින්දා අපි එක්වෙමු.

මේ අර්බුධය අප විසින් නිර්මාණය කරන ලද  නොවේ.

උන්ගේ බැරි බැරියාව සහ දුර්වල කළමණාකරණය විසින් ඇති කරන ලද නොහැකියාවේ ප්‍රතිඵලයක්.


අද වන විට කුවේට් ඩිනාරයක හුවමාරු වටිනාකම රු. 1,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඊයේ (29) දිනයේ දී රු. 968.90 ක් ලෙස පැවති කුවේට් ඩිනාරයක අනුරූපිත අනුපාතිකය අද (30) දින රු. 1,006.17 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේ අතර අනෙකුත් ප්‍රධාන පෙළේ මැදපෙරදිග මුදල් ඒකකයන් වන බහරේන් ඩිනාරයක මිල රු. 782.37 සිට රු. 811.80 ක් දක්වා ද, ඕමාන රියාලයක මිල රු. 766.18 සිට රු. 795.00 ක් දක්වා ද, කටාර් රියාලයක මිල රු. 80.93 සිට රු. 83.98 දක්වා ද, සවුදි අරාබි රියාලයක මිල රු. 78.63 සිට රු. 81.56 දක්වා ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාමයක මිල රු. 80.31 සිට රු. 83.33 දක්වා ද අද දින වැඩි වී තිබේ.


ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය  ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30)පෙරවරුවේ සිදු විය.


ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ පැවති මෙම හමුව සඳහා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද සහභාගී විය.


ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙහිදී සාකච්ඡා පැවැත්වුණු බව දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කරයි.


අංජුල මහික වීරරත්න

2022 මාර්තු 01 සිට 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 101,192 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.


2020 පෙබරවාරි (207,507) මාසයෙන් පසු එක් මාසයක් තුළ දී ලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි පළමු අවස්ථාව මෙයයි.


ඒ අනුව 2022 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 280,026 කි.


මේ අතර 2022 වසරේ මාර්තු මාසයේ මේ දක්වා වූ කාල සීමාව තුළ මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති රට වනුයේ ඉන්දියාවයි. එම සංඛ්‍යාව 22,231කි. දෙවනුවට එක්සත් රාජධානියෙන් 11,634ක් ජර්මනියෙන් 9,140ක් රුසියාවෙන් 8,716ක් සහ ප්‍රංශයෙන් 5,493ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇත.


පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වළක් තුළින් සිරුර හමුවූ තරුණ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.


කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී සිටි එම තරුණිය කඩවත ඩිමෝ හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක රැකියාව කර ඇත.


ඇය එහි රැකියාවට පැමිණ දිනක් පමණ වන බවද අදාළ රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු පොලීසියට පවසා ඇත.


දිල්හානි නමින් හඳුන්වන ඇය ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරු මවක් බවටද තොරතුරු වාර්තා වී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරයවීමෙන් පසු ඇයගේ මිතුරෙක් පොලීසියට පැමිණ ඇය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලබාදී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.


එම කාන්තාව පානදුර පින්වත්ත අදාළ හෝටලයේ රැඳිසිටියදී එහි කාමරයක් තුළ සිදුකළ ටික්ටොක් වීඩියෝවක් තමාට එවා තිබූ බවද ඔහු පොලීසියට සඳහන් කරමින් එය ඉදිරිපත් කර තිබේ.


මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලීසියට සඳහන් කර ඇත්තේ ඇය 26 වනදා හෝටල් කාමරයේ විදුලි පංකාවේ ගෙල වැලලාගෙන සිටි බවය.


නමුත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ අනෙක් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එවැනි තොරතුරක් අනාවරණය නොවූ බවය.


මෙම කාන්තාව ඉකුත් 21 හෝ 22 යන දින පානදුර පින්වත්ත ප්‍රදේශයේ අදාළ හෝටලයට රැගෙනවිත් තිබෙන බවටද තොරතුරු වාර්තා වී තිබේ.


එහිදී ඇයව විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කර ඇති බවට සැක කළ හැකි බවත් මුදල් ආරවුලක් හෝ පෞද්ගලික ආරවුලක් මුල්කර ගෙන මෙම කාන්තාවට පහරදී ඝාතනය කළාද? යන්න විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත. 


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයනු ලබන හෝටලයේ කළමනාකරු සහ අනෙක් දෙදෙනා අතර එම හෝටලයට සම්බන්ධ නොමැති කළමනාකරුගේ හිතවතෙක් වන පිටස්තර පුද්ගලයක් ද සිටින බවත් අනාවරණය වී තිබේ.


එම පුද්ගලයා තොටලග ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් සිදුවූ වෙඩිතැබීමකට අදාළව පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලයක් වන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 


ඝාතනයට ලක්වූ කාන්තාවට අයත් අත්බෑගය හෝටලයට අයත් වෙරළ ආසන්නයේ පිහිටා ඇති ස්ථානයකදී සැකකරුවන් විසින් පුළුස්සා තිබූ හෙයින්  ඇයගේ නිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට දැඩි බාධාවක් වී ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ උපදෙස් මත පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ  නිශාන්ත සේනාරත්න, නිරෝෂ් ධර්මසේන යන සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ මෙහෙයවීමෙන් පින්වත්ත පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. රණවීර, අපරාධ අංශයේ ස්ථානාධිපති එච්. එම්. ඩී. හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tuesday, 29 March 2022


මෙරට වාණිජ බැංකුවල අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 298ත් 305 ත් අතර අගයක සටහන් වී තිබුණි.

නමුත් අපට අනාවරණ වූයේ පිටකොටුවේ විනිමය හුවමාරු මධ්යස්ථානවල ඩොලරයක හුවමාරු අගය රුපියල් 310ත් 315ත් අතර මට්ටමක පවතින බවය.
මේ අතර මුදල් හුවමාරු කරන්නන් බලපත්රලාභී බැංකු විසින් නියම කරනු ලබන විනිමය අනුපාතවලට වඩා ඉහළ අගයකට විදෙස් මුදල් ගනුදෙනු සිදුකළහොත් ඔවුන්ගේ බලපත්ර අහෝසි කරන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

 


මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනය මැණික් පිළිස්සීම සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලක් වැයකර මිලදීගත් විශේෂිත උදුන ක්රියාත්මක කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පැවැත්වූ උත්සවය සඳහා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් 2020 වර්ෂයේදී වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මැණික් පිළිස්සීම සඳහා මිලදී ගෙන ඇති මෙම උදුන මිලදී ගත් දින සිට වසර හයක පමණ කාලයක් කිසිදු වැඩකට යොදා නොගෙන (නිශ්කාර්යව) පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
උදුන මිලදී ගැනීමට වැය වූ මුදලට අමතරව උදුන ස්ථාපනය කිරීම, අමතර කොටස් සහ විදුලි පරිපථ වැඩි දියුණු කිරීම සඳහා තවත් රුපියල් විසි නව ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති අතර උඳුන දීර්ඝ කාලයක් පාවිච්චි නොකිරීම හේතුවෙන් අධික අළුත්වැඩියා වියදමක් දැරීමට සිදුවී තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අතර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා තාක්ෂණ ශිල්පීන් දාහක් පුහුණු කිරීම සඳහා පවත්වා තිබුණු පාඨමාලා සඳහා 2015-2018 අතර කාලයේදී 805 දෙනකු බඳවාගෙන තිබුණද ඉන් 225 දෙනකු පුහුණුව අවසන් කර නොතිබූ බවත් පාඨමාලා සඳහා දැරූ රුපියල් තිස් හය ලක්ෂයක වියදම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ප්රතිපූරණය කරගෙන නොතිබුණු බවත් එම වාර්තාවේ දැක්වේ.
ආයතනයේ පර්යේෂණ අංශය 2017-2019 අතර කාලයේදී නවෝත්පාදන හතරක් වෙනුවෙන් රුපියල් 14 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබුණද එම නවොත්පාදන වෙළෙඳපොළට හඳුන්වාදී ආදායම් ඉපයීමට හෝ එම නිෂ්පාදන අවශ්ය පාර්ශවයන්ට භාවිතය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් ක්රියාත්මක කර නොතිබූ බව විගණන නිලධාරීහු පවසති.
එමෙන්ම ආයතනයේ ජ්යෙෂ්ඨ පර්යේෂණ (වර්ණ වැඩි දියුණු කිරීම) ජ්යෙෂ්ඨ පර්යේෂණ ( නවෝත්පාදන ) ඇතුළු පර්යේෂණ නිලධාරීන් අටකගේ සහ කථිකාචාර්යවරුන් හතරදෙනෙකුගේ පුරප්පාඩු පැවතියත් එම පුරප්පාඩු සඳහා කලක් තිස්සේ බඳවා ගැනීම් කර නොතිබූ බව පවසන විගණන අංශ පුහුණු අංශය සඳහා ස්ථිර කථිකාචාර්යවරුන් බඳවා ගැනීම වෙනුවට බාහිර කථිකාචාර්යවරුන් ගේ සහ ආයතනයේ නිලධාරීන්ගේ සේවය දිගින් දිගටම ලබාගෙන තිබූ බව ප්රකාශ කරයි.
මේ අතර ප්රසම්පාදන කාර්යයන් සඳහා රුපියල් ලක්ෂ 80කට වැඩි ප්රතිපාදන සලසා ගෙන තිබුණද එම ප්රතිපාදන උපයෝජනය කිරීමට කටයුතු කර නොතිබූ බව විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න



වේවැල් ,පිත්තල, මැටි, ලී බඩු සහ ග්රාමීය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්යාංශය පත්වාගෙන යන ලෝක වෙළද මධ්යස්ථානයේ මහල් දෙකක බදු කාලය වසර 3 කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

මෙම රාජ්ය අමාත්යාංශ කාර්යාලය ලෝක වෙළඳ වෙළෙඳ මධ්යස්ථානයේ බටහිර කුළුණේ හත්වැනි මහලෙහි ද, රාජ්ය අමාත්යවරයගේ කාර්යාලය නැගෙනහිර කුළුණේ 36 මහලේ ද පවත්වාගෙන යනු ලැබේ.
එම අමාත්යාංශය වෙනත් ස්ථානයකට රැගෙන යාමට රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා ඉල්ලීම් කර ඇතත් ,ඒ සඳහා සුදුසු ස්ථානයක් නොලැබීම හේතුවෙන්,දැනට පවත්වාගෙන යන ස්ථාන දෙකේ බදු කාලය තවත් වසර තුනක දීර්ඝ කර ඇත.
ඒ අනුව මේ වසරේ අප්රේල් 1වැනිදා සිට ලබන දෙසැම්බර් 31වැනි දා දක්වා කාලයේ බදු කුලිය ලෙස රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් ද,ලබන වසර සඳහා රුපියල් හත්කෝටි දසලක්ෂයක්ද , 2024 වසරේ රුපියල් කෝටි හත හමාරක් ද, 2025 මාර්තු 31 වැනි දා දක්වා රුපියල් එක්කෝටි අනූලක්ෂයක් ද ගෙවීමට නියමිතය.


අජන්ත කුමාර අගලකඩ

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...