පසුගිය වසර 13 ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්රමිකයින්ගෙන් ලද අඩුම ප්රේෂණ වටිනාකම පසුගිය 2022 ජනවාරි මාසයේ දී වාර්තා වී තිබේ.
The whole world is tense, Everybody gets the local and international news, My goal isn't to solve the worlds problems, But I want to share The idea of 24-hour news, I thought that was the whole point with Journalism ! Best Regard, upekshawijesinghe.blogspot.com
Monday, 28 February 2022
පසුගිය වසර 13 ක කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්රමිකයින්ගෙන් ලද අඩුම ප්රේෂණ වටිනාකම පසුගිය 2022 ජනවාරි මාසයේ දී වාර්තා වී තිබේ.
තම රට තුළ ඇති රුසියානු වත්කම් සියල්ල තහනම් කරන බව ස්විස්ටර්ලන්තය පවසයි.
රුසියා - යුක්රේන යුද ගැටුම රුසියාවේ ක්රීඩා ක්ෂේත්රයට අහිතකර බලපෑමක් එල්ල කර තිබේ.
ශ්රී ලංකාව තුළ අවසරයකින් තොරව විදේශ මුදල් ගනුදෙනුකරන පුද්ගලයින්ගේ තොරතුරු සපයන ලෙස ශ්රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රුසියාවේ සහ බෙලරූස්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන වෙත නිර්දේශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (Feb. 28) නිකුත් කළ ප්‍රකාශයක එහි විධායක මණ්ඩලය සඳහන් කර ඇ ත්තේ , රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීම වැළැක්විය නොහැකි බව ඔප්පු වන අවස්ථාවලදී රුසියාව හෝ බෙලරූස් යන නම්වලින් ඔවුන් සහභාගි වීම වැළැක්විය යුතු බව ය.
ජාතික සංකේත, වණ, කොඩි හෝ ගීත ප්‍රදර්ශනය නොකළ යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
රුසියාව තුළ ජාත්‍යන්තර පාපන්දු තරග නොපැවැත්වීමට ත්, පාපන්දු තරගවලදී රුසියානු ජාතික
කොඩිය සහ ජාතීක ගිය භාවිත නොකිරීමට ත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රුසියාව තරග කරන ඉදිරි තරග සියල්ල වෙනත් රටක පැවැත්වීමට ද තීරණය කර ඇත.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තීරණයට එළඹ ඇත්තේ, එංගලන්තය, පෝලන්තය, ස්විඩනය සහ චෙක් ජනරජය රුසියාව සමග පාපන්දු තරගවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක් තුළ ය.
ඉන්දියාව සමග ක්‍රිකට් තරගාවලියකට සහභාගි විම සඳහා ගොස් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම රැගෙන යාම සඳහා සූදානම් කර තිබූ බස් රථය තුළ තිබී හිස් පතුරම් කොපු දෙකක් සොයාගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ටෙස්ට් තරගයකට සහභාගි වීම සඳහා මෙහාලි වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බස් රථයක් තුළ තිබි එම පතුරම් කොපු හමුවූ බව ය.
ක්‍රීඩකයින් බස් රථයට ඇතුළු වීමට පෙර කළ සෝදිසියකදී ඒවා හමුවී තිබේ.
මෙම බස් රථය පෞද්ගලික ප්‍රවාහන සේවාවකින් ලබාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දීය පොලිසිය පවසා ඇත්තේ, අදාළ බස් රථය දින කිහිපයකට පෙර විවාහ උත්සවයක් සඳහා
යොදාගෙන ඇති අතර අදාළ පතුරම් කොපු එම විවාහ උත්සවයට භාවිත කළ ඒවා විය හැකි බවට සැක කරන බව ය.
බස් රථයේ රියැදුරුගෙන් තවදුරට ත් ප්‍රශ්න කෙරේ.
යුක්‍රේන ආක්‍රමණය විරෝධය පළ කරමින් ඔස්ට්‍රේලියාව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් අසාදු ලේඛනගත කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු ජනාධිපතිවරයා ඇතුළු නිලධාරින්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම තහනම් කර ඇති බව ය.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කොටි මොරිසන් පවසා ඇතේ, රාජ්‍ය නායකයෙකුට සම්බන්ධයෙන් එවැනි තීන්දුවක් ගැනීම අතිශය දුර්ලභ සිද්ධියක් බව ය.
කෙසේ වෙත ත්, තමන් ගත් මෙම තීරණය මගින් යුක්‍රේත අර්බුදය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව දක්වන අවධානයේ ගැඹුර පිළිබිඹු වන බව ඔහු පැවසීය.
සම්බාධක පනවා ඇති සෙසු නිලධාරින් වන්නේ, විදේශ අමාත්‍ය සගේ ලැව්රොෆ්, ආරක්ෂක අමාත්‍ය සගේ , අග්‍රාමාත්‍ය මිකායිල් මියුස්මින් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය විලැඩිමීර් කොලොකෝස්ටිසෙව් යන පිරිස ය.
යුක්‍රේනය සහ රුසියාව අතර බෙලාරස්හිදි ආරම්භ වී ඇති සාකච්ඡාවලදි යුක්‍රේනයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, වහා යුද්ධය නතර කිරීම සහ යුක්‍රේනයේ සිටින රුසියානු හමුදා ඉවත් කර ගැනීම ය.
යුක්‍රේග්න ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ, එම අරමුණු වෙනුවෙන් තමන් නියෝජිතයින් පිරිසක් සාකච්ඡා සඳහා පිටත් කළ බව ය.
මේ අතර, දෙරට ම ප්‍රතිලාභ අත් වන එකඟතාවක් සඳහා සාකච්ඡා කරන බව රුසියානු මැදිහත්කරුවා වන ලැඩිමීර් මෙඩිකි පවසා තිබේ.
මෙම සාකච්ඡාවට පෙර යුක්‍රේන ජනාධිපති ඩොලෝඩිමීර් සෙලෙකි ඉල්ලා සිටියේ, රුසියානු හමුදා අවි බිම තැබිය යුතු බවට ය.
ඊට අමතරව, යුරෝපා සංගමයේ සාමාජිකත්වය යුක්‍රේනයට පිරිනමන ලෙස ද ඔහු ඉල්ලා සිටියේ ය.
ඉන්ධන නොලැබෙන්නේ නම් හෙට දවසේ බස් රථ ධාවනය අවිනිශ්චිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
"හෙට දවසේ ඉතින් ඩීසල් තිබුණොත් ඉතින් දුවයි. නැත්නම් නවතියි."
ඔහු ප්‍රකාශ කළේ, ලංගම ඩිපෝ මාර්ගයෙන් හෝ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඩීසල් ලබා දීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍යවරයා ඊයේ (පෙබ. 27) තමන් සමග ප්‍රකාශ කළ බව ය.
දිවයින පුරා ඇති ඉන්ධන පිරවුම්හල් 75%ක පමණ ඩීසල් නොමැති බව ත් ඩිසල් ඇති ඉන්ධන පිරවුම්හල්වල දිග පෝලිම් පවතින බව ත් ඔහු පැවසීය.
විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන නොමැති විම හේතුවෙන් බස් රථ ධාවනය අද (පෙබ. 28) දහවල් කාලයේ සිමා කළ බව ය.
ඒ හේතුවෙන්, ඉන්ධන ලබා දීමේදි බස් රථ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ත් අවම වශයෙන් පොලිසිය යොදවා හෝ ඉන්ධන ලබා දිමට ප්‍රාදේශීය මට්ටමින් කටයුතු කරන්නේ නම් බස් රථ ධාවනය කළ හැකි බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.
රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කළේ
එහිදි ඔහු සඳහන් කළේ, ඩීසල් රැගත් නෞකාවක් අද (පෙබ. 28) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද එය පැමිණීම ප්‍රමාද වී ඇති බව ය.
ඒ අනුව, එම නෞකාව හෙට (මාර්. 1) හෝ මාර්තු දෙවන දා අලුයම වන විට මෙරට පැමිණෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38,300ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ පෙට්‍රල් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ, ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම දැඩි අසීරු තත්වයකට පත්ව ඇති බව ය.
ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අනෙකුත් බැංකු අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන බව ත් අසීරුවෙන් හෝ තත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර, ඊයේ සහ අද දිනයේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ද ප්‍රදර්ශනය කර තිබුණු බව නිරික්ෂණය විය.
තාරක සම්මාන්
රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂය මහතා නිදහස් කර තිබේ.
අදාළ නඩුව තවදුරට ත් පවත්වා ගෙන යා නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම් දීමකට අනුව ඔහු නිදහස් කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර ඇත.
සමෘද්ධි නිලධාරින්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඉකුත් 2015 වසරේදි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරනු ලැබ තිබිණි.
රුසියාවේ යුක්‍රේක ආක්‍රමණය පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දුර්ලභ හදිසි විශේෂ සැසියක් පැවැත්වීමට ඉල්ලීමක් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් මහා මණ්ඩලයේ මෙම සැසිවරාය අද (පෙබ. 28) පැවැත්වීමට නියමිත බව ය.
බටහිර කඳවුර, මොස්කව් හුදකලා කිරිමේ රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙම පියවර ගෙන ඇති බව එම වාර්තා පෙන්වා දුන්නේ ය.
මෙම සැසිවාරය පැවැත්වීමට පක්ෂව 11 දෙනෙකුගේ ඡන්දයෙන් සම්මත වී ඇති අතර රුසියාව පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.
බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතින්ගේ තානාපති බාබරා වුඩ්වර්ඩ් ප්‍රකාශ කර ඇත්තේ, එමගින් රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික බෙලහීනත්වය පිළිබිඹු වන බව ත් රුසියාව නැවතත් හුදකලා වි ඇති බව ත් ය.
රුසියාවට, යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීමට ලෝකය එකතු වීම නැවැත්විය නොහැකි යැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
“සාමය සඳහා එක්සත් වීමලෙසින් පුළුල් ලෙස හැඳින්වෙන 377A (V) යෝජනාව සම්මත කර ගැනීමෙන් පසුව, 1950 වසරේ සිට මහා මණ්ඩලයේ එවැනි හදිසි විශේෂ සැසි කැඳවා ඇත්තේ 10ක් පමණකි.
නිශේධ බලය හිමි නිත්‍ය සාමාජිකයන් පස් දෙනා අතර ඒකමතිකභාවයක් නොමැති වූ අවස්ථාවල ආරක්ෂක මණ්ඩලයට ක්‍රියා කිරිමට නොහැකි වූ විට ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පිළිබඳ කරුණු භාර ගැනීමට එම පාඨය සභාවට බලය ලබා දෙනු ලබයි.
බ්‍රසීල ජනාධිපති ජෙයර් බොසොනාදෝ ඊයේ (පෙබ. 27) පැවති මාධ්‍ය හමුවකදී යුක්‍රේන ජනාධිපතිවරයා හාස්‍යයට ලක් කර තිබේ.
බොසොනාරෝ එහිදී සඳහන් කර ඇත්තේ, යුක්‍රේන ජනතාව ඔවුන්ගේ බලාපොරොත්තු විකට නළුවෙකු මත තබා ඇති බව ය.
මෙහිදී බොසොනාදෝ රුසියාවේ ආක්‍රමණය හෙළා දැකීම ප්‍රතික්ෂේප කර ඇත.
මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ, රුසියාව සහ යුක්‍රේන ගැටුමේදී බ්‍රසීලය මධ්‍යස්ථව සිටින බව ත් බ්‍රසීලය සහ රුසියාව සහෝදර ජාතීන් බව ත් ය.
“අපි පැත්තක් ගන්නේ නැහැ. අපි දිගට ම මධ්‍යස්ථව සිටිනවා. හැකි ඕන ම දෙයකට උදව් කරනවා. යුක්‍රේන ජනගහනයෙන් විශාල කොටසක් රුසියානු භාෂාව කතා කරනවා," යනුවෙන් බොසොනාදෝ ප්‍රකාශ කර ඇත.
ඔහු වැඩිදුරට ත් මෙහිදී සඳහන් කළේ, තමා පුටින් සමග පැය දෙකක කාලයක සාකච්ඡාවක් පැවැත්වූ බව ය.
කෙසේ නමුත්, බ්‍රසීල විදේශ අමාත්‍යාංශය පසුව සඳහන් කළේ, ඔහු පෙබරවාරි මාසයේ මුල රුසියාවේ, මොස්කව් වෙත කළ සංචාරයකදී රුසියානු ජනාධිපතිවරයා හමු වි සිදු කළ සාකච්ඡාව පිළිබඳව එලෙස සඳහන් කර ඇති බව ය.
අම්රා ලියාකත්
යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක් මේ වන විට රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් සීමාවන් තහනම් කර තිබේ.
යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, කැනඩාව මේ වන විට එම තීරණය ගෙන ඇති අතර අමෙරිකාව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටී.
යුරෝපා සංගමය පවසන්නේ, රුසියාවට අයත්, රුසියාවේ ලියාපදිංචි කරන ලද සහ රුසියාව විසින් පාලනය කරනු ලබන සියලු ගුවන් යානා සඳහා මෙම තහනම බලපැවැත්වෙන බව ය.
ඊට පෞද්ගලික ගුවන් යානා ද ඇතුළත් වේ.
ඒ අනුව, රුසියානු ගුවන් සමාගම් යුරෝපා සංගමයේ රටවල් සඳහා ගුවන් යානා පියාසර කරවීම නතර කර තිබේ.
යුරෝපා කොමිසමේ ප්‍රධානී උප්සලා ෆොන් ඩර් ලෙයෙන් ප්‍රකාශ කළේ, යුක්‍රේනය ආක්‍රමණය කිරිම සම්බන්ධයෙන් රුසියාවට යම් පීඩනයක් එල්ල කිරීම සඳහා මෙම තීරණය ගත් බව ය.
කුරුවිට, බටතොට ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුතා විසින් තම පියාට මෝල්ගසකින් පහර දී ඝාතනයක් සිදු කරනු ලැබ තිබේ.
පොලිසිය සඳහන් කළේ, පෙබ 6 වන දින සවස් කාලයේදී කුණු වළක තිබි, අදාළ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගෙන ඇති බව ය.
එම මරණය සැක සහිත බවට මරණකරුගේ බිරිඳ කුරුවිට පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල මත කුරුවිට පොලිසිය විමර්ශන ආරම්භ කෙරිණි.
එහිදි මෙම මරණය ඝාතනයක් බවට අනාවරණය කරගෙන තිබේ.
මරණකරු වයස අවුරුදු 57ක් වූ බටතොට, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරිරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිත ය.
ඝාතනය සිදු කළ වයස අවුරුදු 22ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
අම්රා ලියාකත්
අපිට යුද්ධය එපා මනුෂ්යත්වයේ නාමයෙන් යුද්ධය නතර කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ අසීරු අවස්ථාවේ අපිට ශ්රී ලාංකික හෝටල් හිමියන් නොමිලේ කෑම බීම ලබාදෙමින් අපිව රැකබලා ගන්නවා. ශ්රී ලාංකිකයින්ගේ මේ සත්කාර අපි හදවතින්ම අගය කරනවා යැයි ගාල්ල උණවටුන ප්රදේශයේ සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයෝ පවසති.
Removal of legal barriers for women in employment
Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...
-
මාස 8ක කාලයක් සඳහා දිගු කාලීන කොන්ත්‍රාත් පදනම යටතේ පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආනයනය කිරිම සඳහා අමාත්ය මණ්ඩල...
-
මිහිදුම් සේලයෙන් වැසුණු හරිත වර්ණ කඳු මුදුන් අතරින් යන්තමින් හිරු එබී බලන හිමිදිරි උදෑසන, දවස පුරාම එසේ පවතී නම් කෙතරම් අපූරුදැයි වැටහෙන්නේ ...